ජනපති මෛත්‍රී පාහියංගනයේ සංචාරයක
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති මෛත්‍රී කළුතර නිරීක්ෂණ චාරිකාවක

  • 2017 ජුනි 5

පසුගියදා ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශයට පත් කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොළ ප‍්‍රදේශයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සඳුදා පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී විනාශයට පත් නිවාස සහ දේපළ නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ජගත් පරිසර දිනය නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය විසින් එම ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ ශ‍්‍රමදාන වැඩසටහන සඳහා ද එක් විය.

යුද හමුදා සාමාජිකයින්ගේ සහ චීන සහන කණ්ඩායමක දායකත්වයෙන් මෙම ශ‍්‍රමදාන වැඩසටහන පැවැත්විණ.

පාහියංගල කන්ද නාය ගොස් නාගහදොළ ගංගාව අවහිරවීම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයන් නිසා නාගහදොළ ප‍්‍රදේශවාසීන්ට මෙම ගංවතුර තර්ජනයට මුහුණදීමට සිදු වූ අතර එම ස්ථානය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස ද දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.

පස් කඩාවැටීම හේතුවෙන් අවහිර වූ නාගහදොළ ගඟ නැවත පිළිසකර කිරීම පිළිබඳව ද කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස සහ ආපදාවට ලක්වූ පවුල්වල පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට ද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ප‍්‍රදේශයේ විනාශයට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීම සඳහා අවශ්‍ය ඉඩම් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර නැවත පදිංචි කිරීම් සඳහා එම ඉඩම් සුදුසු බවට නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු එම පදිංචි කිරීම කඩිනම් කිරීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිස්ති‍්‍රක් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.