පැරිස් නුවර ප්‍රහාරකයාට පොලිසියෙන් වෙඩි

  • 2017 ජුනි 6
The area around the cathedral has been condoned off by police Image copyright Reuters

ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රසිද්ධ නෝට ඩාම් දේවස්ථානය අසළදී පොලිස් නිලධාරියෙකුට මිටියකින් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුට වෙඩි තැබූ බව පොලිසිය පවසයි.

ප්‍රහාරකයාගේ පපුවට වෙඩි වැදී තිබෙන බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

දේවස්ථානය අසළ වෙඩි හඬ ඇසුණු සංචාරකයෝ තැති ගැනී හිස් හැරුණු අත දිව ගිය බව ඇසින් දුටුවෝ පවසති.

ප්‍රදේශය වසා දැමූ පොලිසිය එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

2015 දී ජිහාඩ්වාදීන් පැරිස් නුවරට එල්ල කළ ප්‍රහාරයෙන් 130 දෙනෙකු මියයාමෙන් අනතුරුව ප්‍රංශයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේවස්ථානය අසලම පිහිටි පොලිස් මූලස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරකයා මිටි පහර එල්ල කොට තිබෙන බව ප්‍රංශ ජනමාධ්‍ය පවසයි.

පැරිස් නුවර මේ ප්‍රහාරය එල්ල වූයේ ප්‍රහාරකයන් තිදෙනෙක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර 'ලන්ඩන් බ්‍රිජ්' පාලමේ ගමන් කරමින් සිටි පදිකයන් වෙත වෑන් රථයක් පදවාගෙන විත්, ඉන් අනතුරුව ඔවුන්ට පිහි පහර එල්ල කොට හත් දෙනෙකු මරා දැමීමෙන් දින තුනකට පසුවය.

Image copyright Twitter/ @NancySoderberg
Image caption ප්‍රහාරයෙන් අනතුරුව දේවස්ථානය තුල කොටු වී සිටි පිරිස

සබැඳි විෂයයන්