ක්‍රිකට් ; ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු මොහොතක

Image caption පළමු තරඟවලදී පෑ දස්කම් අද (ජූලි 10) දක්නට නොලැබුණි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පස්වෙනි සහ අවසාන එක්දින තරඟය දැන් පැවැත්වෙයි.

හමබන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර පනහ නිමවන විට ළකුණු 203 කට සීමා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට අසීරු තත්වයක් උද්ගත කළේ පළමු පන්දු වාර දහය ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු තිස් හතරකට සීමා කොට එම පන්දුවාර දහය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු තුනක්ම දවාලීමට සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වීමත් සමඟයි.

මෙම තරඟයේ කාසියේ වාසිය ලද සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට පැවරූ අතර, මින් පෙර තරඟ දෙකකදී ශතක දෙකක් වාර්තා කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු තුනකට සීමා කළ සිම්බාබ්වේ කණ්ඩායම කුසල් මෙන්ඩිස් එක ළකුණකටද ,උපුල් තරඟ ලකුණු හයකට ද සීමා කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දුෂ්කර මොහොතකට මුහුණදීම ආරම්භ කළේය.

මේවනවිට කණ්ඩායම් දෙකම තරඟ දෙක බැගින් ජයග්‍රහණය කොට ඇති හෙයින් මෙම පස්වෙනි සහ අවසාන තරඟය කණ්ඩායම් දෙකටම එකලෙස තීරණාත්මක වෙයි.

යම් හෙයකින් සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කළහොත්, ඔවුන් ශ්‍රී ලංකාව තුළ තරඟාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙස ක්‍රිකට් ඉතිහාසයට එක්වනු ඇත.