petrolium
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තෙල් හිඟය ගැන ජනතා අදහස්

"පාන්දර වෙනකම් තෙල් ගැහුවා, ඇතැම් අය පැය දෙක තුන වාහන පොලිම්වල ඉඳලා තෙල් ගහගත්තා, හැමෝම ෆුල් ටැංක් ගහගත්ත නිසා දැන් තෙල් තොග ඉවරයි." වසා දමා තිබූ කොළඹ ඉන්ධන පිරවුම් හලක කළමනාකරුවකු බීබීසියට පැවසීය.

අද උදෑසන තෙල් පෝලිම්වල සිටි ජනතාව වර්ජනයේ නියැළෙන සමිතිවලට හා රජයට දැක්වුයේ දැඩි විරෝධයකි.

"පැය දෙකක් පෝලිමේ, මේවා පුද්ගලීකරණය කරන්න ඕනේ. එතොකොටයි මේ ස්ට්‍රයික් නවතින්නේ. හැමදාම ස්ට්‍රයික්" යැයි එක් වාහන හිමියෙක් සඳහන් කළේය.

"ආණ්ඩුව ගත්තා නම් කරන්න ඕනේ, බැරි නම් දීලා යන්න ඕනේ. මේ මොන කරුමයක්ද හැමදාම මොනවා හරි ස්ට්‍රය්ක් එකක්" යනුවෙන් තවත් වාහන හිමියෙක් සඳහන් කළේ දිගින් දිගටම පැවැත්වෙන විරෝධතා රැල්ල ගැන සිය විරෝධය පළකරමිනි.

"මේ හැමදෙයින්ම තැලෙන්නේ පොඩි මිනිස්සු. ලොකු මිනිස්සු රියදුරන් එවලා ෆුල් ටෑන්ක් කරගන්නවා. අපි තමයි තැලෙන්නේ." දෙපාර්ශයටම විරෝධය පළකරමින් එක් රියදුරෙක් පැවසීය.