නව නාවික හමුදාපති ට‍්‍රැවිස් සින්නයියා

  • 2017 අගෝස්තු 18
Image copyright president.gov.lk

වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා ශ‍්‍රී ලංකාවේ 21 වෙනි නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරියේ සිකුරාදා (අගෝස්තු 18) දිවුරුම් දුන්නේය.

පනස් වසරකට ආසන්න කාලයකට පසු එවැනි ධුරයක් දරන පළමු දෙමළ ජාතිකයා ඔහු වන අතර නිදහසෙන් පසු එම ධුරයට පත් දෙවන දෙමළ ජාතිකයා ලෙසත් ඔහු ඉතිහාසයට එක් වේ.

1982 වසරේදී ශ‍්‍රී ලංකා නාවික හමුදාවට එක්ව ඇති වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා වීර වික‍්‍රම විභූෂණ, රණවික‍්‍රම, රණශූර හා උත්තම සේවා යන ඉහළම සම්මානයන්ට පාත‍්‍ර වූ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.

වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ධුර කාලය මේ මස 22 වෙනිදායින් අවසන් වීමට නියමිත අතර ඔහුගෙන් පුරප්පාඩු වන නාවික හමුදාපති ධුරයට ට‍්‍රැවිස් සින්නයියා පත් කර තිබේ.

සබැඳි විෂයයන්