නොරොච්චෝලේ බලාගාරය නිසා පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නොරොච්චෝලේ බලාගාරය නිසා පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම්

  • 2017 ඔක්තෝබර් 6

බලාගාරය අවට ගම්මානවල ජිවත් වන තවත් ළමුන් රැසකගේම සමේ නොයෙකුත් වෙනස් කම් දක්නට ලැබෙන අතර වැඩිහිටි පුද්ගලයන් රැසක් ශ්වසන රෝගාබාධවලින් පීඩා විදින බව නොරොච්චෝලේ පරිසර සුරැකීමේ සංවිධානය පවසයි.

විදුලි බලාගාරයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන ගල්අඟුරු නිසි පරිදි ගබඩා නොකිරීම හා ඉවතලන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පනීඅඩිය ,නාරක්කල්ලිය, මාම්පුරිය, පුලච්චෙන, ඉලන්තඩිය යන බලාගාරය අවට පිහිටි ගම්මාන තුළ වාතයට ගල්අඟුරු මිශ්‍ර දුහුවිලි හා අළු එක්ව ඇත.

එසේ අවට වාතය දූෂණයට ලක් වීම ඉහතකී රෝගවලට ප්‍රධාන හේතුව බව නොරොච්චෝලේ පරිසර සුරැකීමේ සංවිධානයේ අදහස වී තිබේ.