වහා දේශපාලන සංවාදයක් ආරම්භ කළ යුතුයි

President Mahinda Rajapaksa meetingIndian PM Manmohan Sing

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසදීම සඳහා දේශපාලන විසදුමක් ගෙන ඒම කෙරෙහි ඉන්දියාව විශාල අවධනයක් යොමු කොට සිටින බව පවසන ඉන්දීය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා වහා දේශපාලන සංවාදය ආරම්භ කළ යුතු බව අවධාරණය කරයි.

සිව් දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කල ඉන්දීය දුත පිරිස ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ එහි නායිකා සුෂ්මා ස්වරාජ් පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේදීත් මේ සම්බන්දයෙන් සාකච්චා කළ බවයි.

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය සහභාගී කරවා ගැනීම සඳහා පෙළඹවීම් කරන ලෙසට තමා ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටි බවත් ඇය ප්‍රකාශ කළා.

දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සලකා බලා සමානාත්මතාව, සාධාරණය, ආත්ම ගරුත්වය යන කරුණු සැලකිල්ලට ගෙන අර්ථාන්විත ලෙස බලය බෙදා ගනිමිනින් සැබෑ දේශපාලන සංහිඳියාවක් ස්ථාපනය කිරීම පිණිස ශ්‍රී ලංකා රජය එළඹ ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේය යන්න ඉන්දියාවේ බලාපොරොත්තුව බවත් ඇය සඳහන් කළා.

දුත පිරිස පැවැත්වූ සෑම සාකච්චවකදීම මේ ගැන අවධානය යොමු කරවූ බව ඇය පැවසුවා.

මීට පෙර අවස්ථාවලදී, ශ්‍රී ලංකා රජය ඉන්දීය අගමැතිවරයාටත්, ඉන්දීය විදේශ කටයුතු පිළිබද ඇමැතිවරයාටත්, විරුද්ධ පක්ෂයේ තමාටත් දහ තුන්වැනි සංශෝධනය අභිබවා යන රාමුවක් තුල දේශපාලන විසදුමක් ගෙන එන බවට සහතිකවී ඇති බව දුත පිරිස විසින් ජනාධිපතිවරයාට මතක් කර දුන් බව දුත පිරිසේ නායිකා ඉන්දීය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායිකා සුෂ්ම ස්වරාජ් ප්‍රකාශ කළා.

ඒ පිළිබඳව යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුලදී සාකච්චකලහැකි බවත් එසේනුමුත් දේශපාලන පක්ෂ බලහත්කාරයෙන් ඊට සහභාගිකරවා ගැනීමේ හැකියාවක් නැතිබව ජනාධිපතිවරයා පැවසූ බවත් ඇය පැවසුවා.

සාකච්ඡා මාර්ගය

මේ වන විට සාකච්ඡා මාර්ගය අගුල් වැටී ඇති තත්ත්වක් තිබෙන නිසා එය බිඳීමට පියවර ගන්නා ලෙසට තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඉන්දීය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායිකා සුෂ්ම ස්වරාජ් ප්‍රකාශ කළා.

උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය පිලිබඳ ප්‍රශ්න , යුධ හමුදාව ඉවත් කිරීම සහ අධි ආරක්ෂක කලාප පිළිබඳව ගැටළු මෙන්ම යුධ හමුදාව එම ප්‍රදේශවල ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම්කරන බව තමා ජනාධිපතිවරයා සමග සාකඡාකළ බව ඇය පැවසුවා.

තම උතුරේ සංචාරයේදී අවතැන්වූ පිරිස් යලි පදිංචි කරවීම පිළිබඳව යහපත් තත්ත්වක් නිරීක්ෂණය කළත් තවත් බොහෝ දෑ කිරීමට ඉතිරිව ඇති බව පැවසූ ඇය ඔවුන් වෙනුවෙන් සුභ සාධනය සැලසීම සඳහා ඉන්දියාව සුදානමින් සිටින බවත් කියා සිටියා.

LLRC නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කලබව කියා සිටි ඇය පැවසුවේ ඒවා ක්‍රියාත්මක කරන දින වකවානු සඳහන් නොකළ බවයි.

පාර්ලිමේන්ති තේරීම් කාරක සභාව රැස්වන තුරු ඒ ගැන තීරණයක් ගැනීමට නොහැකි බව ජනාධිපතිවරා ප්‍රකාශ කළ බවත් මේ නිසා තමා ඇතුළු ඉන්දීය නියෝජිත පිරිස රජයටත් දෙමළ ජාතික සන්ධානයටත් ඒ ගැන ක්‍රියාත්මක වන ලෙසට අවධාරණයෙන් ඉල්ලා සිටිය බවත් ඇය තවදුරටත් පැවසුවා.