මුස්ලිම් දේවස්ථානය ඉවත්කරගන්න - ආණ්ඩුවෙන් නියෝගයක්

අගමැති දිමු ජයරත්න විසින් නිකුත්කරන ලද නියෝගය
Image caption අගමැති දිමු ජයරත්න විසින් නිකුත්කරන ලද නියෝගය

බහුතර බෞද්ධ ජනතාවගේ පූජනීය ප්‍රදේශයක් ලෙස ඔවුන් හඳුන්වන ප්‍රදේශයකින් මුස්ලිම් දේවස්ථානය ඉවත්කරගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නියෝගකොට තිබේ.

අගමැති දිමු ජයරත්න විසින් මේ නියෝගය නිකුත්කරනු ලැබ ඇත්තේ දඹුල්ලේ පිහිටි එම දේවස්ථානයට කඩාවැදුණු බද්ධ භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුත් පිරිසක් එය කඩාබිඳ දැමීමට උත්සහ කිරීමෙන් දින දෙකකට පසුවය.

දේවස්ථානය පළාතේ වෙනත් ස්ථානයක ඉදිකරනමෙන් නියෝගැකලයි අගමැතිවරයා පවසන නමුත් එම නියෝගය පිළිබඳව ඇතැම් මුස්ලිම් ජනතා නියෝජිතයෝ කෝපය පළකරති.

උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් අතර සාකච්චාවක් පැවැත්වීමට දිනකට පෙරාතුව අගමැතිවරයා හදිසියේම නිවේදනයක් නිකුත්කොට ඇති හඩක් පෙනීයන බවයි, කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පවසන්නේ.

මැරයන්

මුස්ලිම් නායකයන් සිවුදෙනෙකු ඉරිදා පැවැත්වුණු බව පැවසෙන රැස්වීමට සහභාගිවිනයි අගමැති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ සඳහන්වන නමුත්, එයින් එක අයෙකුවන අමාත්‍ය AHM ෆවුසි බීබීසී සංදේශයට කියාසිටියේ තමන් එවැනි කිසිදු රැස්වීමට සහභාගි නොවූ බවයි.

එමෙන්ම දේවස්ථානය වෙනත් ස්ථානයක ඉදිකරනමෙන් ඉල්ලීමක් කළහැකි වුවත් එසේ නියෝගකිරීමට කිසිවෙකුටත් බලයක් නැති බවද ඔහු පැවසීය.

තවත් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයෙකුවන අසාත් සාලි අදහස් දක්වමින්, එය නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද්දක් වුවත් ජනතාව මැරයන් ලෙසින් හැසිරීම කිසිසේත් අනුමතකල නොහැකි බව පැවසීය.

"මේ රටේ දැන් දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට ජීවත්වෙන්න අයිතියක් නැද්ද?," ඔහු ප්‍රශ්නකළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර