දඹුල්ල ප්‍රහාරයට එරෙහිව මුස්ලිම් උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අප්‍රේල් 27 සිකුරාදා - 13:31 GMT
මුස්ලිම් දේවස්ථානයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන භික්ෂූන් වහන්සේ සහ බෞද්ධයෝ (ඡායාරුප ගබඩාවෙන්)

'අනෙක් ආගම් අදහන්න එපයි කියල බුදුහාමුදුරුවෝ කවදාවත් දේශනා කරල නෑ'

දඹුල්ලේ මුස්ලිම් දේවස්ථානයකට එරෙහිව දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායමකින් එල්ල වී ඇති තර්ජනයට එරෙහිව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සිකුරාදා යාඥා වලින් අනතුරුව රටපුරාම උද්ඝෝෂණවලට එක්වී සිටිති.

දේවස්ථානයට එරෙහි තර්ජනවලින් අනතුරුව එය ඉවත්කරගෙන වෙනත් ස්ථානයක ඉදිකරන මෙන් ආණ්ඩුව නියෝගකිරීම පිළිබඳවද ඔවුන්ගේ කෝපය පලවී තිබේ.

දඹුල්ලේ දේවස්ථානය අවුරුදු පනහකට අධික කාලයක් එහි පැවති බවයි, කොළඹදී උද්ඝෝෂණවලට එක්වී සිටි තරුණ මුස්ලිම් ජාතිකයෙකු වන මොහමඩ් ෆසාල් බීබීසීයේ කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්ට කියාසිටියේ.

"අනෙක් ආගම් අදහන්න එපයි කියල බුදුහාමුදුරුවෝ කවදාවත් දේශනා කරල නෑ. අවුරුදු පණහක් තිබුණු පල්ලියක් ප්‍රතිසංස්කරණය කරනවා කියන්නේ අලුත් පල්ලියක් හදනවා කියන එක නෙවෙයි," ඔහු පැවසීය.

බෞද්ධ අන්තවාදයට හිසනමන බව‍ට ආණ්ඩුවට චෝදනා කළ ඔහු, ශ්‍රී ලංකා රජය බුද්ධාගමට පමණක් සැලකීමේ ප්‍රතිපත්තියට නැවතීමේ තිත තැබීමට කාලය උදාවී ඇතැයිද කියාසිටියේය.

තමන් දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් යයි පවසමින් ජාතික කොඩියද රැගෙන පෙළපාලි දැක්වූ ඔවුහු, ඇතැමුන් ජාතිවාදය සහ බෙදුම්වාදයට උඩගෙඩි දෙන බවටද චෝදනා කළහ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.