පළාත් සභාව විසුරුවා හැරීමට එරෙහිව අතුරු නියෝගයක්

අනුරාධපුර අධිකරණයෙන් පිටතට එන එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී අනිල් රත්නායක සිය නීතිඥ කරුණාරත්න හේරත් සමග (ඡායාරූපය - අතුල බණ්ඩාර )
Image caption පළාත් සභා මන්ත්‍රී අනිල් රත්නායක සිය නීතිඥ කරුණාරත්න හේරත් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබුනි

දේශපාලන වාසි සලසා ගැනීම සඳහා උතුරු මැද පළාත් සභාව විසුරුවා හරිමින් ජනතාව විසින් දෙන ලද බලය අයුතු ලෙස අහිමි කිරීමට පියවර ගන්නට සැරසෙන්නේ යයි එම පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රී වරයෙක් රජයට චෝදනා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්තී‍්‍ර අනිල් රත්නායක මේ බව ප්‍රකාශ කළේ නිල කාලය තව අවුරුදු එකහමාරක් තිබියදී උතුරු මැද පළාත් සභාව විසුරුවා ලීම වලක්වා ලන ලෙස අධිකරණයෙන් කරන ලද ඉල්ලීම අනුව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

උතුරු මැද පළාත් සභාව විසිරවීම අතුරු තහනම් ආඥාවකින් අත්හිටවූ උතුරු මැද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මේ මස 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස උතුරු මැද මහ ඇමැති හා ආණ්ඩුකාර ඇතුළු හත් දෙනකුට නොතීසි නිකුත් කළේය.

නඩුව විභාග කර අවසන් වනතුරු පළාත් සභාව නොවිසුරුවන ලෙස ඉල්ලමින් පළාත් සභා මන්තී‍්‍ර අනිල් රත්නායක මෙම පෙත්සම ගොනු කොට තිබුණි.

සබැඳි අන්තර්ජාල යොමු

වෙනත් අන්තර්ජාල අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ