සරත් ෆොන්සේකා හට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට ඉඩ

සිරගතව සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට ශ්‍රේෂ්ටාධිකරණය විසින් ඉඩ දෙමින් තීන්දුවක් ප්‍රකාශ කොට ඇත.

මේ අනුව කොළඹ ජාතික රෝහලට සරත් ෆොන්සේකා මාරු කර යැවීමට මීට පෙර දුන් තීන්දුව අහෝසි වේ.

ජාතික රෝහලට පැමිණ සරත් ෆොන්සේකා හට ප්‍රතිකාර කිරීම වෛද්‍ය වජිර තෙන්නකොන් විසින් ප්‍රහික්ෂේප කොට ඇති බව අධිකරණයට දැන්වීමෙන් අනතුරුව අග විනිසුරුවරිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කලේ මෙම වෛද්‍යවරයා හිටපු හමුදාපතිවරයාට ප්‍රතිකාර කරන තාක් කල් ඔහුට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට ඉඩ දිය යුතු බවයි.

තමන්ද සරත් ෆොන්සේකා ජාතික වීරයෙක් සේ සලකන නමුත් සිරකරුවෙකුට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාදීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව රජයේ සොලිසිටෙර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.