දකුණු කොරියානු මහ නාහිමි සමාව අයදී.

භික්ෂූන් වහන්සේලා මහා පරිමාණයේ මුදල් ඔට්ටු අල්ලමින් කඩදාසි සූදුවේ නිරත වෙමින් සිටින අන්දම Image copyright Reuters

භික්ෂූන් පිරිසක් මත්පැන් සහ දුම් පානය කරමින්, සූදුවේ නිරතව සිටිනු දක්නට ලැබෙන වීඩියෝ පටයක් ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව, දකුණු කොරියාවේ බලවත්ම බෞද්ධ නිකායේ මහා නායක හිමියෝ ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියහ.

අති සුඛෝපභෝගී හෝටලයක සිදුව ඇති ඉහත කී සිදුවීම, තවත් භික්ෂූන් වහන්සේ නමක් විසින්ම වීඩියෝ ගත කර තිබිණ.

වීඩියෝ පටය ප්‍රචාරය වීමෙන් අනතුරුව ජෝග්යේ නමැති දකුණු කොරියානු බෞද්ධ නිකායේ ප්‍රධානීන්, හය දෙනෙක් ඔවුන් දැරූ පදවි වලින් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇතැයිද වාර්තා වේ.

අනුස්මරණ උත්සවයක් සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා එය නිමාවේ ඉහත කී සාදය පවත්වා ඇති අතර උන් වහන්සේලා මහා පරිමාණයේ මුදල් ඔට්ටු අල්ලමින් කඩදාසි සූදුවේ නිරත වෙමින් සිටින අන්දමයි වීඩියෝ දර්ශන වල දැක්වෙන්නේ.

ජෝග්යේ, දකුණු කොරියාවේ ලක්ෂ ගණනක් අනුගාමිකයන් සහිත ප්‍රධාන බෞද්ධ නිකායක්