ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානයක

ජනාධිපති මහින්ද රාජපක්ෂ Image copyright elvis

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.

මේ සඳහා අනුරාධපුර කහටගස්දිගිලියේ සංචාරයක නිරතවුණු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාවගේ සැබෑ සිතුම් පැතුම් ගැන දැනගැනීමට තමන්ට දැඩි උවමනාවක් තිබෙන බවයි.

මේ සඳහා චන්ද කොට්ඨාශයට බැහැරින් මන්ත්‍රීවරුන් ගෙන්වාගෙන ඔවුන්ට ජනතාවගේ ඕනෑ එපාකම් දැන්වීමේ ක්‍රියා පිළිවෙතක් ආරම්භ කරන බව ද ඔහු කියා සිටියේය.

මෙමගින් ජනතාව තම පළාතේ නියෝජිතයන්ට නොකියන තොරතුරු පවා වෙන පළාත් වලින් පැමිණි මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ.