නවී පිල්ලේගේ ඉල්ලීමට 'තවම ප්‍රතිචාරයක් නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 11 සඳුදා - 15:47 GMT
Navi Pillai

මානව හිමිකම් මණ්ඩලය එම ඉල්ලීම සිදු කොට ඇත්තේ මාර්තු මාසයේ ජිනීවා නුවර මුළු දුන් 18 වැනි වාර්ෂික සැසි වාරයෙන් අනතුරුවයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදීම සඳහා කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් රජයෙන් තවමත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ප්‍රකාශ කරයි.

මානව හිමිකම් මණ්ඩලය විසින් එම ඉල්ලීම සිදු කොට ඇත්තේ මාර්තු මාසයේ ජිනීවා නුවර මුළු දුන් 18 වැනි වාර්ෂික සැසි වාරයෙන් අනතුරුවයි.

එම සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ සම්බන්ධයෙන් වැඩි ඡන්දයෙන් සම්මත කැරුණු යෝජනාවකින් කියැවුනේ ඒ පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට මානව හිමිකම් කොමිසම රජයට සහාය දිය යුතු බවයි.

රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවේ නිර්දේශ එම පරීක්ෂණ වලට පදනම් කර ගත යුතු බවයි, ඉන්දියාවේද සහාය ලැබුණු එක්සත් ජනපදය විසින් ගෙන එනු ලැබූ එකී යෝජනාවෙන් ප්‍රකාශ වුනේ.

මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා රජයෙන් අවසර පතා ඇත්තේ ඒ අනුවයි.

බීබීසී සංදේශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් වරියගේ ප්‍රකාශක රූපට් කොල්විල් (Rupert Colville ) කියා සිටියේ රටට ඇතුළුවීම සඳහා තමන් රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.