ඊජිප්තුවේ විපක්ෂය, හමුදාව බලය පවරා ගැනීම හෙළා දකියි

A woman after casting her vote in Egypt elections Image copyright Reuters
Image caption ජනාධිපතිවරණය ජය ගත් බවට මුස්ලිම් සහෝදරත්වය කරන ප්‍රකාශය, අහමඩ් ශෆික් විසින් බැහැර ලනු ලැබින

ඉරිදා නිම වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසුව, මේ මාසය අන්තිමේ දී සංවිධානය කෙරෙන උත්සවයකදී ජයග්‍රාහී අපේක්ෂකයාට බලය භාරදෙන බව ඊජිප්තු යුද හමුදා පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඊජිප්තු ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම් සති අන්තයේ පැවැත්වුන අතර, එහි අවසන් ප්‍රතිඵලය තවමත් නිකුත් වී නැහැ.

මුස්ලිම් සහෝදරත්වය පක්ෂය පවසන්නේ, තම අපේක්ෂක මොහමඩ් මුර්සි ජනාධිපති වරණයෙන් ජය ලබා ඇති බවයි.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වුනේ, හිටපු ජනාධිපති හොස්නි මුබාරක් පාලනයේ අගමැති පදවියේ ක්‍රියා කළ අහමඩ් ශෆික්.

ඔහු හිටපු ගුවන් හමුදා ජනරාල් වරයෙක්.

ජනාධිපතිවරණය ජය ගත් බවට මුස්ලිම් සහෝදරත්වය කරන ප්‍රකාශය, අහමඩ් ශෆික් විසින් බැහැර ලනු ලැබින.

ඊයේ ඉරිදා නිවේදනයක් නිකුත් කළ ඊජිප්තු යුද හමුදා පාලකයන්, නීති සම්පාදනය සහ අය - වැය සම්බන්ධයෙන් තමන් වෙත තවත් බලතල පවරා ගත්තේය.

ඊජ්ප්තු විපක්ෂය එම පියවර හෙළා දුටුවේ, එය යුද හමුදා කුමන්ත්‍රණයක් හැටියට චෝදනා කරමින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර