දෙමළ ප්‍රශ්නය ගැන ඉන්දියාවෙන් 'පැහැදිලි පණිවුඩයක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 29 සිකුරාදා - 15:49 GMT
President Mahinda Rajapaksa with Shiv Shankar Menon

'එය විසඳීම ශ්‍රී ලංකාවේ කාර්යයක් වන නමුත් ඒ සඳහා ඕනෑම සහයෝගයක් ලබාදීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිමු'

ශ්‍රී ලංකා ආණ්ඩුව සමග නිරන්තරයෙන් පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි බව අද කොළඹට ලඟා වූ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශිව් ශංකර් මෙනන් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් ලබාදීම පිළිබඳව තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ට අමාත්‍යවරුන් සමග සාකච්ඡා පැවැත් වූ බවද ඔහු සඳහන් කළේය.

සියලුම ජාතීන්ට ගෞරවය සුරැකෙන ආකාරයේ පරිසරයක් සකස් කිරීමට තම සහාය ලබාදෙන බවද මෙනන්ගේ ශ්‍රී ලනකා සංචාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

'පැහැදිලි පණිවිඩයක්'

"මෙය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් වන අතර එය විසඳීම ශ්‍රී ලංකාවේ කාර්යයක් වන නමුත් ඒ සඳහා ඕනෑම සහයෝගයක් ලබාදීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිමු," යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සිය එක්දින සංචාරයේදී දෙමළ ජාතික සන්ධානය සමගද සාකච්ඡා පැවැත්වීය.

එහි නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතු බවට ඉන්දියාව මේ වතාවේ පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇති බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.