ශ්‍රී ලංකාවේ පහළොස් දහසක් අතුරුදහන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 3 අඟහරුවාදා - 17:36 GMT

යුද්ධයෙන් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් අනාථ භාවයට පත්වූ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ප්‍රකාශ කරන අන්දමට, ඉකුත් වසර අවසාන වන විට ශ්‍රී ලංකාව තුල අතුරුදන්වී ඇති සංඛ්‍යාව පහළොස් දහස ඉක්මවයි.

අතුරුදන්ව ඇති 15,780 පිරිස අතරේ බහුතරයක් පිරිමින් වන අතර, ළමුන් 1494 සහ කාන්තාවන් 754 වන බවද මෙම වාර්තාවේ සදහන් වෙයි.

ජිනීවා මුලස්ථානයේ සිට සිය වාර්ෂික වාර්තාව නිකුත් කළ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ජාකොබ් කලන්බර්ගර් කියා සිටියේ, ශ්‍රී ලංකාව තුල දහස් ගණනක් ජනතාව පිලිබඳ නිශ්චිත තොරතුරු නැති ඥාතීන් ඔවුන්ගේ ඉරණම නොදැන තවමත් ලතැවෙන බවයි.

රතු කුරුස සංවිධානයේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසරේ අවසන් දිනය දක්වා අතුරුදන්වූ අය සෙවීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බවයි.

යුධ ගැටුම් අවසානයේදී උතුරේ වැසියන් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් අනාථ භාවයට පත්වූ බව පවසන රතු කුරුස සංවිධානය, එම අනාථයන් යුධ බිමේ සිට පෙරළා පැමිණි අවස්තාවේදී ඔවුන් වෙනුවෙන් අධාර ලබාදීමට ඉඩකඩ නොදීම පිළිබඳව සිය කණස්සල්ල පළකර සිටියි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.