තරුණියක මරාදැමීමේ චෝදනා ලැබූ විත්තිකරුට මරණ දඩුවම

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 11 බදාදා - 14:07 GMT

දැඩි මතභේදයට තුඩු දුන් රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ තරුණියක මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර තරුණයකුට පනවා තිබූ වසර 14 ක සිරදඬුවම අහෝසිකළ අභියාචනාධිකරණය ඔහුට එරෙහිව මරණීය දණ්ඩනය නියම කරයි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව විත්ති පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි.

2005 වසරේ දී එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි එම තරුණිය මරා දැමීමේ චෝදනාවට වරදකරු කළ, 21 හැවිරිදි ජූඩ් ජයමාන්න නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය මගින් වසර 14 ක සිරදඩුවමක් පනවා තිබිණ.

එම තීන්දුව දෙමින් එවක මහාධිකරණ විනිසුරුවරයාව සිටි අයි.එම්.අබේරත්න පැවසුවේ මිනීමැරීමේ චෝදනාවට වරදකරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

එම දඩුවම ප්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපතිවරයා පෙත්සමක් ගොනුකළ අතර එහි තීන්දුව දෙමිනුයි අභියාචනාධිකරණය මහාධිකරණ තීන්දුව වෙනස් කරමින් මරණ දඩුවම නියම කළේ.

තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරුන් පැවසුවේ මරණීය දණ්ඩනය පැනවීමට තරම් සාක්ෂි තිබියදී ඒ පිළිබඳව මහාධිකරණ විනිසුරුවරයා අවධානය යොමු නොකිරීම මවිතය දනවන කරුණක් බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.