කරාපිටිය රෝහලේ සිටින සිරකරු කොළඹට මාරු කරන්න

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 27 සඳුදා - 16:17 GMT
Funeral of a Tasmil prisoner (file photo)

සතිස්කුමාර් රෝහලට ඇතුලත් කිරීම වාර්තා වන්නේ වවුනියාව බන්ධනාගාරයේ දී පහර කෑමට ලක් වූ සිරකරුවන් දෙදෙනකු පසුව රෝහලේ දී මිය යාමෙන් අනතුරුවයි

ගාල්ලේ කරාපිටිය රෝහලේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටින දෙමළ දේශපාලන සිරකරුවා කොළඹට මාරු කොට ඔහුට සිහි නැති වූයේ කෙසේ දැයි යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් එම සිරකරුවාගේ ඥාතීහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

එක් දරු පියෙකු වන තිස් හතර හැවිරිදි සුන්දරම් සතිස්කුමාර් අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කොට සිටින බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ ලේකම් පෙරුමාල් පූමිනාදන් බීබීසී සංදේශයට පැවසීය.

2008 දී කොඩිකාමම්හි දී අත් අඩංගුවට ගන්නා ලද සුන්දරම් සතිස්කුමාර් ඉන් අනතුරුව මෙතෙක් රඳවා සිටියේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ.

අගෝස්තු 23 වැනි දින පැවති නඩු විභාගයට මුහුණ දීම සඳහා සිරකරු 21 හෝ 22 වැනිදා මැගසින් බන්ධනාගාරයෙන් ගාල්ලට රැගෙන විත් තිබෙන අතර ඉන් අනතුරුව බූස්ස කඳවුරේ දී ඔහු ක්ලාන්ත වී ඇද වැටුණු බව ඔහුගේ ඥාතීන් ට දැනුම් දී ඇති බවයි, පෙරුමාල් පූමිනාදන් පවසන්නේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් එම පණිවුඩය සතිස්කුමාර්ගේ බිරිඳට එම පණිවුඩය ලබා දී තිබෙන්නේ පසුගිය 25 වැනි සෙනසුරාදා.

ඒ සමඟම සිය සැමියා බැලීමට රෝහලට ගිය අවස්ථාවේ රෝහලේ බලධාරීන් සිංහලෙන් ලියූ ලිපියකට අත්සන් තබන මෙන් ඉල්ලා සිටි බවත් බිරිඳ සඳහන් කලැයි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පවසයි.

සතිස්කුමාර්ගේ බිරිඳ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇති බව ද පෙරුමාල් පූමිනාදන් සඳහන් කරයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.