ඉතාලියේ පාතාල කල්ලි අතර ගැටුම් උග්‍රවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 31 සිකුරාදා - 15:43 GMT

ඉතාලියේ නේපල්ස් හි ප්‍රතිවිරුද්ධ පාතාල මැර කණ්ඩායම් අතර ගැටුම් දරුණු අතට හැරීම නිසා අතිරේක පොලිස් බල ඇණි යැවීමට එරට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

යුරෝපයේ විශාලතම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳපොල ලෙස හැදින්වෙන ප්‍රදේශයක බලය ලබා ගැනීම සඳහා පාතාල කල්ලි දෙකක් සටන් වැදී සිටින අතර මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳපොලේ වටිනාකම වසරකට ඩොලර් මිලියන සියයකට වැඩි බවයි පැවසෙන්නේ.

ගතවූ මාස කිහිපය තුල මැර කණ්ඩායම් අතර පැවති ගැටුම් වලදී පුද්ගලයන් විස්සකට වැඩි පිරිසක් මරා දැමිණ.

එක් පාතාල කණ්ඩායම් නායකයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඔහු සිය පවුල සමග නිවාඩුවක් ගත කරමින් සිටියදීයි.

නේපල්සයේ පොලිසියට සහාය වීම සඳහා සියයකට අධික පොලිස් නිලධාරීන් යවා ඇති බවයි වාර්තා වන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.