මුල්ලිකුලමේ අනාථයන්ගේ ඉඩම් වල 'නාවික හමුදා පවුල්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 3 සඳුදා - 12:12 GMT
Sri Lanka war displaced (file photo)

නැවත පදිංචිය සඳහා ගෙනෙනු ලැබූ එම පිරිස් පවසන්නේ තමන් යුද්ධයෙන් පලා ආ මුල්ලිකුලම් ගම්මානයේ ශ්‍රී ලංකා රජයේ නාවික හමුදාව පවුල් පිටින් පදිංචිවී සිටින බවයි

කිසිදු පහසුකමක් හෝ ජීවිකාවක් නොමැතිව අලි ඇතුන් ගහන කැලයක් මැද ජීවත් වීමට බලකෙරී ඇතැයි පවසන මන්නාරම් දිස්ත්‍රික්කයේ යුද අනාථයන් පිරිසක් තමන් මුල් ගම් බිම් වල පදිංචි කිරීමට පියවර ගන්නා මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අනාථ කඳවුරුවලින් ඉවත් කොට නැවත පදිංචිය සඳහා ගෙනෙනු ලැබූ පවුල් සිය ගණනකට අයත් එම පිරිස් පවසන්නේ තමන් යුද්ධයෙන් පලා ආ මුල්ලිකුලම් ගම්මානයේ ශ්‍රී ලංකා රජයේ නාවික හමුදාව පවුල් පිටින් පදිංචිවී සිටින බවයි.

මේ තත්ත්වය නිසා පවුල 350 කට ප්‍රදේශ දෙකක ගස් යට ජීවත්වීමට සිදු වී ඇති බව ඔවුහු පවසති.

යුද්ධයට පෙර ගම්මානයේ පවුල් 432 ක් පදිංචිව සිටි බව පවසන අනාථයන් පිරිස, යුද ගැටුම් හමාරයේ තමන් යලි පදිංචි වීම සඳහා ගමට පැමිණියත් ආරක්ෂක හේතූන් මත එම ඉඩම් නිදහස් කළ නොහැකි යයි නාවික හමුදාව පැවසූ බවයි.

ඒ වෙනුවට මුල්ලිකුලම් ගමේ අනාථයන්ගෙන් පවුල් 240 කට ඉඩම් ලබා දී තිබෙන්නේ මරිච්චකට්ටු ගම්මානයේ.

නමුත් එහි බීමට වතුර සොයා ගැනීම පවා උගහට බවයි, ගස් යට පදිංචි වී සිටින එහි වැසියන් පවසන්නේ.

එමෙන්ම තමන්ගේ පාරම්පරික කෘෂි කර්මාන්තයේ හෝ ධීවර කර්මාන්තයේ යෙදීමේ අවස්ථාව පවා තමන්ට අහිමි කරනු ලැබ ඇති බව ද ගම් වැසියෝ පවසති.

මුල්ලිකුලම් වැසියන්ගෙන් තවත් පවුල් 110 කට ඉඩම් ලබා දී තිබෙන්නේ මන්නාරමේ කායප්පුලි ගම්මානයේ. තමන්ට යලි පදිංචි වීම සඳහා එහි තාවකාලික කූඩාරමක් හෝ තමන්ට ඉදි කොට නොදුන් බවට ද බලධාරීන්ට චෝදනා කරති.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.