පහර කෑ මේජර් සුරසේන පිලිබඳ පොලිස් පරීක්ෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 24 සඳුදා - 16:47 GMT
malka in custody

malka in custody

මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන ප්‍රභූ පුතුන් දෙදෙනා පහර දුන් බවට හමුදා නිලධාරියකු සිදු කොට ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලකැයි පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

කොළඹ ජයික් හිල්ටන් අධි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ භූමියේදී පසුගිය සැප්තැම්බර් නව වැනිදා අලුයම ඒ දෙදෙනා තමනට පහරදී තම රාජකාරී ගිණි අවිය, ජංගම දුරකතනය හා රන් මාලයක් පැහැර ගන්නා ලදැයි ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරියකු වන මේජර් චන්දන සූරසේන කොළඹ කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණිලි කොට තිබිණි.

සූදු ව්‍යාපාරිකයකුට ආරක්ෂාව

පැහැර ගත් ගිණි අවිය පොලිසියට භාර දෙන ලද බව පොලිස් ප්‍රකාශකයා කියා සිටි අතර පසුව පැමිණිලිකාර මේජර් සුරසේන අධිකරණයට දැනුම් දී තිබුනේ තම පැමිණිල්ල නිවැරදි එකක් නොවන බවයි.

තමනට පහර දුන්නේ චුදිතයන් දෙදෙනා බවට සහතිකව ප්‍රකාශ කිරීමට නොහැකි බව පවසන මේජර් සුරසේන, අයථා ලෙසින් නිල බලය යොදා ගනිමින් කැසිනෝ සූදු ව්‍යාපාරිකයකුට ආරක්ෂාව සැපයීම පිළිබඳව තවදුරටත් සොයා බලන බව පොලිසිය විසින් අධිකරණය වෙත දැනුම් දෙනු ලැබීය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.