රජයේ රෝහල් භූමියකදී මාධ්‍යවේදියකුට ප්‍රහාරයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 29 සෙනසුරාදා - 19:06 GMT

මාධ්‍යවේදී පූර්ණිමාල් ජයමාන්න හට හලාවත රෝහලේදී, රෝහල් ආරක්ෂක නිලධාරියකු විසින් පහර දී තිබේ.

හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු ද පැමිණ සිටි අවස්ථාවක, තමාගේ වෘත්තීය කටයුතුවල නියැලෙමින් සිටියදී තමන්ට පහර දුන් බව ජයමාන්න මාධ්‍යවේදියා පොලීසියට පැමිණිලි කොට ඇත.

පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ, පොලීසිය සතු බලතල අනුව මෙය සුළු සිද්ධියක් ලෙස නිගමනය කොට, අත්අඩංගුවට ගත් සැකකරු අප මත නිදහස් කල බවයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පහරදීමේ සිද්ධිය තරයේ හෙළා දැක තිබේ.

පහර කෑ මාධ්‍ය වේදියා රෝහල් ගතව සිටියදී, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවා මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් නොකර පොලිස් ඇප මත මුදා හැරීම ප්‍රශ්න කටයුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රකාශක සුනිල් ජයසේකෙර සංදේශයට පැවසුවේය.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා සහ නගරාධිපතිවරයා ඉදිරිපිටදී මෙම පහර දීම සිදුව තිබියදී පොලීසිය සැකකරුවා මහේස්ත්‍රාත් වරයකු වෙත ඉදිරිපත් නොකොට නිදහස් කිරීම තම සංවිධානය හෙළා දකින බවයි සුනිල් ජයසේකර වැඩිදුරත් කියා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.