'වයලීනය රැගත් දරුවා' විශේෂාංගයට ජාත්‍යන්තර සම්මානයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 16 අඟහරුවාදා - 13:45 GMT
Sri Lanka war displaced (file photo)

'වයලීනය රැගත් දරුවා', ශ්‍රී ලංකාවේ යුද්දයේ අවසාන කාල වකවානුව පිළිබඳව සැකසුනු ගුවන් විදුලි විශේෂාංගයක්

ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් බීබීසී ලෝක සේවය ප්‍රචාරය කළ 'වයලීනය රැගත් දරුවා' විශේෂාංගයට වසරේ හොඳම ගුවන් විදුලි වාර්තා වැඩසටහනක් සඳහා පිදෙන ආසියානු ගුවන් විදුලි සංගමයේ (ABU) ඉහළම සම්මානය හිමිවිය.

ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සමාගමේත්, ඉරාන ගුවන් විදුලි සංස්ථාවේත් කොරියානු ගුවන් විදුලි සංස්ථාවේත් වැඩ සටහන් අවසාන වටයට තේරී තිබූ අතර "වයලීනය රැගත් දරුවා", ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන කාල වකවානුව පිළිබඳව ප්‍රියත් ලියනගේ නිර්මාණය කළ ගුවන් විදුලි විශේෂාංගයටයි, දකුණු කොරියාවේ පැවති සම්මාන උළෙලේදී සම්මානය පිරි නැමුණේ.

ලක්ෂ සංඛ්‍යාත දෙමළ අනාථයන් අතට හසුවූ යමක් රැගෙන උන්හිටි තැන් අත්හැර පලා එද්දී එක දරුවෙක් පමණක් වයලීනයක් රැගෙන එන අන්දම රූපවාහිනියෙන් දුටු ඔහු ඒ දරුවා සොයා ගිය ගමනක සටහනයි, "වයලීනය රැගත් දරුවා."

සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව සෝල් අගනුවර සිට බීබීසී සංදේශය සමඟ කතා කළ ප්‍රියත් ලියනගේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් ජන ජීවිතයට සිදුවූ විනාශය පිලිබඳ වාර්තාවකට ජාත්‍යන්තර ඇගයීමක් ලැබීම තමන් වැදගත් කොට සලකන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.