වැලිකඩ ප්‍රහාරය වැළැක්විය හැකිව තිබුනා - මානව හිමිකම් කොමිසම

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 12 සඳුදා - 17:14 GMT
Welikada attack

සිරකරුවන්ගේ මානව හිමිකම් සුරැකීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වී ඇතැයි නැගෙන චෝදනාව බැහැර කළ නොහැකි බව කොමිසම පිලිගනියි

වැලිකඩ සිරකඳවුරේ තත්ත්වය සම්බන්ධයෙන් තමන් විසින් ඉදිරිපත් කරන ලද අතුරු නිර්දේශ ක්‍රියාවට නැගුවේ නම් සිරකරුවන් 27 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය සිකුරාදා වැලිකඩ බන්ධනාගාරයේ හටගත් සිදුවීම වලක්වා ගත හැකිව තිබූ බව වලක්වා ගත හැකිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

වැලිකඩ සිර කඳවුරේ ගැටුම ඉතා අවාසනාවන්ත සිදුවීමක් ලෙසින් විග්‍රහ කරන මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්, හිටපු පොලිස්පති ටීඊ ආනන්දරාජා, මීට කලින් අවස්ථාවක වැලිකඩ බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් අනතුරුව තමන් එහි ගොස් පරීක්ෂණයක් පැවැත්වූ බවද කියා සිටියේය.

බීබීසී දෙමළ සේවයේ ජෙයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එම අදහස් පළ කළ මානව හිමිකම් කොමසාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම මූලික පරීක්ෂණයෙන් අනතුරුව වැලිකඩ දී සිරකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කොමිසම අතුරු නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කළ බවයි.

'පරීක්ෂණයක් ආරම්භ කරනවා'

විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරයට ඔරොත්තු නොදෙන තරම් සිරකරුවන් රඳවා සිටීම පිළිබඳව එම වාර්තාවේ විශේෂයෙන්ම සඳහන් කොට ඇති බවයි.

ඉන් අනතුරුව පූර්ණ වාර්තාවක් සකස් කිරීමට කොමිසම ක්‍රියාකරමින් සිටියදී සිකුරාදා ගැටුම හටගත් බවයි ඔහු සඳහන් කළේ.

සිකුරාදා හටගත් ගැටුම පිළිබඳව මානව හිමිකම් කොමිසම ඉතා ඉක්මනින්ම පරීක්ෂණයක් ආරම්භ කරන බව පවසන කොමසාරිස්වරයා, කෙසේ නමුත් ගැටුමෙන් අනතුරුව ආරක්ෂක හමුදා සිරකරුවන් කුටියෙන් එලියට රැගෙන වැඩි තැබූ බවට පැමිණිල්ලක් තමන්ට ලැබී නැතැයිද සඳහන් කළේය.

පැමිණිල්ලක් නැතත් ඒ පිළිබඳවද පරීක්ෂණ පැවැත්වීමට කොමිසම සූදානම් බව පවසන හිටපු පොලිස්පති ටීඊ ආනන්දරාජා, විශේෂයෙන්ම සිරකරුවන්ගේ මානව හිමිකම් සුරැකීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇතැයි නැගෙන චෝදනාව තමන්ට බැහැර කළ නොහැකි බවද බීබීසීයට කියා සිටියේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.