අධිකරණයට ඇඟිලි ගසන්න එපා - එක්සත් ජාතීන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 15 බ්‍රහස්පතින්දා - 14:08 GMT

ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ට සහ නීතිවේදීන්ට එල්ලවන පීඩාකිරීම් සහ පහරදීම් පිළිබඳව අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ගෙබ්‍රිඑලා කනෝල් Gabriela Knaul සිය බලවත් අවධානය යොමු කොට කොට සිටියි.

එම තත්වයන්, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට එල්ල කෙරෙන පහරදීම්,පළිගැනීමේ තර්ජන සහ බලපෑම් කිරීමේ රටාවක කොටසක් බවට පරිවර්තනය විය හැකි බවටයි ඇය අනතුරු අඟවන්නේ.

අධිකරණයේ නියුතු සාමාජිකයන්ගේ ශාරීරික සහ මානසික ඒකාග්‍රතාවය තහවුරු කිරීමට වහාම ප්‍රමාණවත් තරම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින ඇය, බැදී සිටින ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් වලට අනුව කටයුතු කරමින් බාධා කිරීම්, සීමා පැනවීම්, සහ අයෝග්‍ය බලපෑම් වලින් තොරව අධිකරණයට සිය වෘතීය සේවාවන් කරගෙන යාමට ඉඩ සලසන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

"විනිසුරුවන් ඉවත් කිරීමට නොහැකිකම, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට තිබෙන ප්‍රධාන විධානයන්ගෙන් එකකි. එම මුල ධර්මය කඩ කල හැක්කේ ඉතාමත්ම සුවිශේෂී අවස්තාවකදී පමණි"

අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය, ගෙබ්‍රිඑලා කනෝල් (Gabriela Knaul

මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ස්වාධීන විශේසඥයන්ගෙන් ලැබී ඇති වාර්තාවලට අනුව අධිකරණයට එරෙහිව එල්ලවී ඇති පහරදීම් සහ බාධා පැමිණවීම් පිළිබඳ බොහෝ සිද්ධීන් ගැන ශ්‍රී ලංකාව අවංකවම පරීක්ෂණ පවත්වා නැති බවත් වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගෙන නැති බවත් ඇය කියා සිටින්නීය.

"විනිසුරුවන් ඉවත් කිරීමට නොහැකිකම, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට තිබෙන ප්‍රධාන විධානයන්ගෙන් එකකි. එම මුල ධර්මය කඩ කල හැක්කේ ඉතාමත්ම සුවිශේෂී අවස්තාවකදී පමණි," යැයි ප්‍රකාශ කරණ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය, අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පාර්ලිමේන්තුව හමුවේ ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳව කටයුතු කරන ආකාරය ගැන සිය වික්ෂිප්තභාවය පළකරමින් සඳහන් කරන්නීය.

වීනිසුරුවන් ධුරයෙන් ඉවත් කල හැක්කේ ඉතාමත්ම අයුතු ලෙස හැසිරීමේ බරපතල චෝදනා සහ අකාර්යක්ෂමතාව මත පමණක් බව කියා සිටින ඇය එසේ කල හැක්කේත් සාධාරණ සහ ස්වාධීන විමර්ශනයකින් පසුව බවත් අවධාරණය කර සිටින්නීය.

ස්වාධීන විනිසුරුවන්ට එරෙහිව පළිගැනීමේ චේතනාවෙන් විනය පරීක්ෂණ ක්‍රියාවලිය යොදාගැනීම අනුමත කල නොහැකි බව ප්‍රකාශ කරන අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ගෙබ්‍රිඑලා කනෝල් Gabriela Knaul අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පාර්ලිමේන්තුව හමුවේ ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳව යලි සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නීය.

ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන්නේ නම් එය සාධාරණ හා මුලික මුල ධර්ම මත පිහිටා සිදුකෙරෙන්නක් විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ගෙබ්‍රිඑලා කනෝල් Gabriela Knaul තවදුරටත් කියා සිටින්නීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.