දෙමළ කාන්තාවෝ පිරිසක් ශ්‍රී ලංකා හමුදාවට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 18 ඉරිදා - 14:30 GMT
Sri Lanka Army (file photo)

දෙමළ ජාතිකයන් සුළු පිරිසක් දැනටමත් හමුදා සේවයේ යෙදී සිටින නමුත්, දෙමළ කාන්තාවන් විශාල පිරිසක් එකවර හමුදා සේවයට එක්වූ ප්‍රථම වතාව මෙයයි

ශ්‍රී ලංකා මිලිටරි ඉතිහාසයේ පළමු වතාවට දෙමළ ජාතික කාන්තාවන් 100 කට වැඩි පිරිසක් හමුදාවට බඳවා ගැනීමට කටයුතු කළ බව බලධාරීහු පවසති.

හමුදාවට බැඳීම සඳහා අයදුම් කළ මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවාසී කාන්තාවන් 300 කට අධික පිරිසක් අතරින් 109 දෙනකු සෙනසුරාදා පැවති උත්සවයකදී මෙසේ බඳවාගත් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට කියා සිටියේය.

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම සහ හමුදාවට බැඳීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන්නේ නම් ඕනෑම තැනැත්තෙකුට ශ්‍රී ලංකා හමුදාවට බැඳිය හැකි බවද ඔහු සඳහන් කළේය.

"ද්‍රවිඩ ජාතිකයන්ට හමුදාවට බැඳීමට කිසිදු අවස්‌ථාවක බාධාවක් තිබුනේ නෑ හමුදාව පැත්තෙන් නමුත් පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑම නිසා මේ ප්‍රදේශවල ජනතාව හමුදාවට බැඳීමට පොඩි චකිතයක් තිබුනා," බවයි, බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසන්නේ.

දෙමළ ජාතිකයන් සුළු පිරිසක් දැනටමත් හමුදා සේවයේ යෙදී සිටින නමුත්, දෙමළ කාන්තාවන් විශාල පිරිසක් එකවර හමුදා සේවයට එක්වූ ප්‍රථම වතාව මෙයයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.