ඉදිරි පැය කිහිපය ඇතුලත ගාසා තීරයේ සටන් විරාමයක් - ඊජිප්තු ජනාධිපති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 20 අඟහරුවාදා - 16:50 GMT
Gaza after bomb attacks

ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ පටන් පලස්තීන වැසියන් 115 දෙනකු මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ

ඉදිරි පැය කිහිපය ඇතුලත ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඇතිකිරීම සඳහා දැරෙන ප්‍රයත්නයෙන් සාධනීය ප්‍රතිඵලයක් අත්වනු ඇතැයි ඊජිප්තුවේ ජනාධිපති මොහමඩ් මුර්සි පවසනවා.

සිය සහෝදරියගේ අවමගුල් උත්සවයේදී ප්‍රකාශයක් කළ දෙපාර්ශවය අතර සාකච්ඡා මෙහෙයවන ඊජිප්තු ජනාධිපතිවරයා උපුටා දක්වන ආණ්ඩුවේ පුවත් ඒජන්සියක් පවසන්නේ ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර අද නවතිනු ඇතැයි ඔහු සඳහන් කළ බවයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කලාපයට ළඟාවීමට නියමිතව තිබියදී.

දෙපාර්ශවය අතර සාකච්ඡා සාර්ථක කර ගනු වස් ගාසා තීරයේ පාබල හමුදා මෙහෙයුමක් දියත් කිරීමේ සැලසුම් පැය 48 කින් කල් දැමූ බව ඊට පෙරාතුව ඊශ්‍රායල ආණ්ඩුවේ නිලධාරියෙක් සඳහන් කළා.

හමාස් සංවිධානයේ සාමාජිකයන් ගෙන් ඈත්ව සිටින්නැයි දැනුම් දෙමින් ඊශ්‍රායල ගාසා තීරයේ පත්‍රිකා බෙදා හරිනු ලැබ තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරක යානා හත් වැනි දිනයේත් ගාසා තීරයට බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර, පලස්තීන කැරලිකරුවන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරද එල්ල කළා.

පසුගිය බදාදා ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ පටන් පලස්තීන වැසියන් 115 දෙනකු මිය ගොස් ඇති බවයි, ගාසා තීරයේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් තිදෙනකු ද මිය ගොස් තිබෙනවා.

අඟහරුවාදා දිනය තුල පමණක් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 90 ක් වත් එල්ල වූ බව පවසන ඊශ්‍රායල හමුදාව, ඉන් එකක් ජෙරුසෙලම් නගරය සලට පතිත වූ බවද පවසනවා.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.