ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිරකරු ඝාතන විමර්ශනය කිරීම ප්‍රතික්ෂේප කරයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 24 සෙනසුරාදා - 17:20 GMT

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සිරකරුවන්ගේ ඝාතන පිළිබඳව මැදිහත්වී විමර්ශනයක් පවත්වන ලෙස තමන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රතික්ෂේප කල බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

අදාල ඝාතන පිළිබඳව මැදිහත්වී ඊට වගකිවයුත්තන්ට එරෙහිව පිවර ගන්නයි ඉල්ලමින් තම සංවිධානය ඉකුත්දා පැමිණිල්ලක් ඉදිරිපත් කල බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු නීතිවේදී නාමල් රාජපක්ෂ පැවසුවේය.

සිද්ධියට අදාලව සිදු කෙරෙන අභ්‍යන්තර පරීක්ෂණය අවසන් වන තුරු තම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියනොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පැවසූ බවයි නීතිවේදී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කරන ප්‍රකාශය හාස්‍යය ජනක පිළිතුරක් බව පවසන ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන සලකන්නේ නම් බන්ධනාගාරයේ රැදවියන්ට සිදුවූයේ කුමක්දැයි ක්ෂණිකව මැදිහත්වී සොයා බැලිය යුතු යැයි කියා සිටියේය.

අභ්‍යන්තර පරීක්ෂණය අවසන් වීමෙන් පසු අදාළ සාක්ෂි කිසිවක් ඉතිරි නොවන බවයි ඔහු කියා සිටින්නේ. ඒ සියල්ල විනාශ වී යන බව පැවසූ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු නීතිවේදී නාමල් රාජපක්ෂ පැවසුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය පිළිබඳව තම ව්‍යාපාරය කණගාටුවට පත්වන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.