ආහාර නිසා මුළු රටම ලෙඩ වෙලා - මාදුළුවාවේ හිමියෝ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 27 අඟහරුවාදා - 16:27 GMT
Sri Lanka monks

'හාමුදුරුවන්ට විතරක් නෙවෙයි, රටටම ගැලපෙන්නා වූ ආහාර පද්ධතියක් පිළිබඳව හඳුන්වල දීමක් කරනවා නම් ඒක ගැලපෙන දෙයක් හැටියටයි මා දකින්නේ'

ශ්‍රී ලංකාවාසීන් ගේ ආහාර පද්ධතිය නිසා සමස්ත රටම ලෙඩුන් බවට පත් වී සිටින බව මාදුළුවාවේ සෝභිත නාහිමියෝ පවසති.

"ඒ නිසා මම හිතනවා හාමුදුරුවන්ට විතරක් නෙවෙයි, රටටම ගැලපෙන්නා වූ ආහාර පද්ධතියක් පිළිබඳව හඳුන්වල දීමක් කරනවා නම් ඒක මුළු රටටම ගැලපෙන දෙයක් හැටියටයි මා දකින්නේ," උන්වහන්සේ පැවසූහ.

ප්‍රසිද්ධ ධර්ම කථක, කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඒ බව ප්‍රකාශ කළේ, බෞද්ධ භික්ෂූන් වහන්සේට ලබා දෙන දානයේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව ගිහියන්ට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ක්‍රියාකරමින් සිටින බවට සෞඛ්‍ය අමාත්‍යාංශය කළ නිවේදනය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

ශාරීරික අභ්‍යාස

බෞද්ධ භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් දියවැඩියාව ඇතුළු ආහාර හා සම්බන්ධ රෝගවලට ගොදුරු වන බවට වාර්තා පළවීමෙන් අනතුරුව මේ පියවර ගත් බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

කෙසේ නමුත් දානය පිළිබඳව ගිහියන්ට උපදෙස් නිකුත් කිරීම වෙනුවට කිසිදු ආහාර වේලක් නොලැබෙන ඈත දුෂ්කර ප්‍රදේශවල සිටින භික්ෂූන් වහන්සේලාට "ජීවත්වීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම" වඩා යෝග්‍ය බවද මාදුළුවාවේ සෝභිත නාහිමියෝ සංදේශයට පැවසූහ.

දායකයන් විසින් ලබා දෙන ඕනෑම ආහාරයක් පිළිගැනීමට භික්ෂූන් වහන්සේට සිදුවන බව පවසන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්, ඇතැම් අවස්ථාවල සීනි සහ මේදය අධික ආහාර අනුභව කිරීම පවා උන් වහන්සේලාට සිදුවන බවද පවසයි.

විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේට ශාරීරික අභ්‍යාස කිරීමේ හැකියාවක් නොමැති නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසා තිබුණේ.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.