තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට සිදුවිය හැකියි - එජාප

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 5 බදාදා - 17:39 GMT

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විභාගයේ කටයුතු සාධාරණ ආකාරයෙන් සිදු නොකෙරෙන්නේ නම් තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට සිදුවන බවට එක්සත් ජාතික පක්ෂය අනතුරු අඟවයි.

තේරීම් කාරක සභාවේ කෙරෙන ප්‍රකාශ අනුව එවැනි ලක්‍ෂණ දැනටමත් දක්නට ඇති බවයි තේරීම් කාරක සභාවේ සාමාජිකයකු වන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග ප්‍රකාශ කළේ.

තේරීම් කාරක සභාව වෙත ලිය කියවිලි ඉදිරිපත් කිරීමට සූදානමක් තිබෙන බව පවසන ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා, ඒවායේ සත්‍ය අසත්‍ය භාවය තහවුරු කර ගැනීම පිණිස සාක්‍ෂි කැඳවීමේ අවශ්‍යතාවක් තිබුනත් ඊට අවස්ථාවක් නොලැබෙන ලකුණු පෙනෙන්නට තිබෙන බව සඳහන් කළේය.

තේරීම් කාරක සභාවේ සිටින ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ එම ලිය කියවිලි අදාළ ආයතන වලින් ලබා ගෙන ඇති නිසා සත්‍ය අසත්‍ය භාවය ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් නැති බව යැයි හෙතෙම පැවසුවේය.

කෙසේවෙතත් තමන් සිය රාජකාරිය ඉටු කරන බව ප්‍රකාශ කළ ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා සාධාරණයක් ඉටුවන බවක් දකින්නට නොලැබුනොත් තේරීම් කාරක සභාවෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.