සංචාරක හිඟය නිසා හෝටල් කර්මාන්තය 'අර්බුදයක'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 17 සඳුදා - 15:19 GMT
Tourists in Sri Lanka

සුපුරුදු පරිදි දෙසැම්බර් මුල සිට සංචාරකයන්ගේ පැමිණීමක් දක්නට නොවූ බව හෝටල් හිමියෝ පවසති

ලෝක ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති හමුවේ සංචාරකයන් පැමිණීම හිඟවීම හේතුවෙන් සංචාරක කර්මාන්තය අර්බුදයකට මුහුණ පා සිටින බව හෝටල් හිමියෝ පවසති.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් ඇදී එන හොඳම කාලය දෙසැම්බර් සහ ජනවාරි වන නමුත් සුපුරුදු පරිදි දෙසැම්බර් මුල සිට සංචාරකයන්ගේ පැමිණීමක් දක්නට නොවූ බව නම හෙළි කිරීමට අකමැති වූ හෝටල් හිමියෙක් බීබීසී සංදේශයට පැවසීය.

"නමුත් දෙසැම්බර් 15 න් විතර පස්සේ දැන් හෝටල් පිරිලා තියෙන්නේ," ඔහු පැවසීය.

සමස්ත ලෝකය මුහුණ දෙමින් සිටින ආර්ථික අවපාතය මෙන්ම ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඇතැම් ප්‍රතිපත්තීන්ද මේ තත්ත්වයට හේතුවක් බවයි ඔහු පවසන්නේ.

"දැන් ඔය ටුවර් ඔපරෙටර්ස්ල එහෙම කියන දෙයක් තමයි ලංකාවේ හෝටල්වල ගණන් වැඩියි කියන එක. කොළඹ හෝටල්වලට සංචාරක මණ්ඩලයෙන් නීතියක් පණවලා තියෙනව කාමරයකින් අය කළ යුතු අවම මුදලක් කියල," ඔහු පැවසීය.

කෙසේ නමුත් 2012 සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 71,000 කට වැඩි පිරිසක් සහ ඔක්තෝබර් මාසයේදී 80,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි නිල සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ.

සංඛ්‍යා ලේඛනවල කවරක් සඳහන් වුවත් ගතව ගිය කාලය තුල ඉහල පෙලේ හෝටල්වල කාමර අලුත්වැඩියා කිරීම මෙන්ම වඩා ලාභදායක නව හෝටල්ද ඉදිවීම හමුවේ කාමර ප්‍රමාණයද වැඩි වී ඇති බැවින් ඒ සියල්ල පිරවීම සඳහා තවත් විශාල පිරිසක් රටට ලඟාවිය යුතු බවයි, හෝටල් හිමියා පවසන්නේ.

මේ තත්ත්වය යටතේ යුද්ධය පැවති සමයේදීට වඩා තත්ත්වය ඉතා යහපත් නමුත්, බලාපොරොත්තු වූ ප්‍රමාණයට තම කර්මාන්තයේ වර්ධනයක් දක්නට නැති බවද හෝටල් හිමියා පැවසීය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.