ධාරානිපාත වැස්ස නිසා 13 දෙනකු මරුට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 18 අඟහරුවාදා - 15:43 GMT
Flood affected in Batticaloa

වැඩිම ජනගහනයක් පීඩාවට පත්ව ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේයි

ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක ඉරිදා සිට හටගත් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් 13 දෙනකු මරුමුවට පත්වී ඇති අතර තවත් 25 දෙනකු තුවාල ලබා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් 25 දෙනකු අතුරුදහන්ව ඇති බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සංදේශයට කියා සිටියේ.

අනූදහසකට ආසන්න ජනකායක් ගංවතුරින් පීඩාවට පත්ව සිටින බවද පැවසූ ඔහු, 8533 දෙනකු කඳවුරු 36 ක තාවකාලිකව රඳවා සිටින බවද සඳහන් කළේය.

මේ අතුරින් වැඩිම ජනගහනයක් පීඩාවට පත්ව ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර ගංවතුර ව්‍යාප්තිය වඩාත් බරපතල කුරුණෑගල දිස්ත්‍රික්කයේ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කල අලුත්ම සංඛ්‍යාලේඛනවල දැක්වේ.

වාර්තාගත මරණ සංඛ්‍යාව 13 වුවත් ඒ සංඛ්‍යාව ඉහල යාමේ අවදානමක් ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි සංදේශයට පැවසීය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.