දිල්ලි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධායකයාට නඩු

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 21 සිකුරාදා - 13:44 GMT
JP Kalmadi

සුරේෂ් කල්මඩි ඇතුළු කණ්ඩායම කියා සිටින්නේ ඔවුන් කිසිදු වැරදි ක්‍රියාවක් සිදුකර නැති බවයි

මෙයින් අවුරුදු දෙකකට පෙර පැවැත්වුන පොදුරාජ්‍ය මණ්ඩලීය දිල්ලි ක්‍රීඩා උළෙලේ ප්‍රධාන සංවිධායකයාට එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පවරන මෙන් ඉන්දීය උසාවියක් නියෝග කළේය.

එම ක්‍රීඩා උළෙලේ විවිධ ක්‍රීඩා ඉසව්වල කාලවේලා ගණන් ගැනීම, ලකුණු සටහන් කිරීම සහ තරඟ ප්‍රතිපල සටහන් කිරීම ආදී කාර්යයන්, ස්විස් ටයිමින් ඔමේගා නම් ස්ව්ස්ටර්ලන්ත සමාගමට කොන්ත්‍රාත්තු දීමේදී දිල්ලි ක්‍රීඩා උළෙලේ ප්‍රධාන සංවිධායක, සුරේෂ් කල්මඩි (Suresh Kalmadi) ඇතුළු තවත් දහදෙනෙක් නීතියට පටහැණිව ක්‍රියා කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ඔවුන් ස්විස් ව්‍යාපාරයත් සමඟ කොන්ත්‍රාත්තුවකට යාම නිසා ඉන්දියාවේ රාජ්‍ය භාණ්ඩාගාරයට ඩොලර් එක්කෝටි අසූ ලක්ෂයකට අධික පාඩුවක් සිදුවුන බවයි පැවසෙන්නේ.

එහෙත් සුරේෂ් කල්මඩි ඇතුළු කණ්ඩායම කියා සිටින්නේ ඔවුන් කිසිදු වැරදි ක්‍රියාවක් සිදුකර නැති බවයි.

කුමන්ත්‍රණය සහ වංචා සිදු කිරීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව ලබන මාසයේ නඩු පවරනු ලැබීමට නියමිතයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.