අභියාචනාධිකරණ කැඳවීම ගැන විපක්ෂයේ මත භේද

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 2 බදාදා - 17:55 GMT

අභියාචනාධිකරණය විසින් කරන ලද කැඳවීම පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කොට තිබේ.

දෝෂාභියෝගය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ විභාග කිරීමේ ක්‍රියාවලියෙන් තමන්ට අසාධාරණයක් වී ඇති බවට අග්‍ර විනිශ්චයකාරවරිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කතානායකවරයාට සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබ ඇත.

බ්‍රහස්පතින්දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නිකුත් කරුණු නොතීසිය නොතකා හරින බව ආණ්ඩු පක්ෂය මෙන්ම නියෝජ්‍ය කතානායක වරයාද ප්‍රකාශ කරයි.

එකඟතාවයක් නැහැ

මාධ්‍ය වේදීන් හමුවූ එක්සත් ජාතික පක්ෂය දැනුම් දුන්නේ තම පක්ෂයද අභියාචනාධිකරණය ඉදිරියේ පෙනී නොසිටින බවයි.

" ආණ්ඩුවයි අපයි අතර කිසිදු එකඟතාවයක් නැහැ." යනුවෙන් මෙහිදී ප්‍රකාශ කළ පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා, පක්ෂයේ ස්ථාවරය නායකත්වය විසින් ඉදිරියේදී පැහැදිලි කරනු ඇතැයිද කියා සිටියේය.

"" ආණ්ඩුවයි අපයි අතර කිසිදු එකඟතාවයක් නැහැ.""

විපක්ෂය නියෝජනය කරමින් දෝශාභියෝග විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකත්වය දැරූ දමිළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් හෙට අභියාචනාධිකරණය හමුවට යන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් සංදේශයට ප්‍රකාශ කළේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අභියාචනාධිකරණය හමුවට යාමට නියමිත බව එම පක්ෂය නිවේදනය කර ඇත.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.