අනුරාධපුර මුස්ලිම් පල්ලියකට එරෙහිව උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 5 සෙනසුරාදා - 17:52 GMT
Muslims in Sri Lanka (file photo)

මුස්ලිම් පල්ලිවලට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ලවීමේ ප්‍රවණතාවයක් පවතින බව මුස්ලිම් නායකයෝ පවසති

බෞද්ධ භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ පිරිසක් අනුරාධපුර මල්වතු ඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි මුස්ලිම් පල්ලියක් වටලා එය එතැනින් ඉවත් කරගන්නා මෙන් බල කරන ලද බව මුස්ලිම් නායකයෝ පවසති.

පල්ලිය ඉවත් කරගන්නා තුරු තමන් ඉවත් නොයන බවට උද්ඝෝෂකයන් කියා සිටි අවස්ථාවේ එතැනට පැමිණි අනුරාධපුර දිසාපතිවරයා පැමිණ මාස තුනක් ඇතුලත් එය ඉවත් කරගන්නා බවට දැනුම් දීමෙන් අනතුරුව විසිර ගොස් ඇති බව මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන් බීබීසී සංදේශයට පැවසීය.

මින් මාස කිහිපයකට ප්‍රථම හජ්ජි උත්සවයට දිනකට පෙරාතුව කිසියම් පිරිසක් විසින් මෙම දේවස්ථානයේ කොටසකට ගිනි තබා තිබූ බවත්, ඉන් අනතුරුව එය පිළිසකර කිරීම සඳහා අරමුදල ලබාදෙන බවට පළාතේ මහා ඇමතිවරයා ප්‍රතිඥා දුන් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මුස්ලිම් පල්ලිවලට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ලවීමේ ප්‍රවණතාවයක් පවතින බව පවසන ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහානායක හිමිවරුන් සහ ආණ්ඩුවේ බලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මුස්ලිම් දේශපාලන නායකයන් සහ ප්‍රජා නායකයන් බලාපොරොත්තු වන බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.