මම තවමත් අගවිනිසුරු වෙමි - ආචාර්ය ශිරාණි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 15 අඟහරුවාදා - 13:16 GMT

'ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවීමට බෙහෙවින් ඉඩ ඇති බැවින් නිල මැදිරියෙන් හා නිල නිවසින් ඉවත්වීමට තීරණය කළෙමි'

නව අග විනිසුරු වරයකු පත් කිරීම, ජනාධිපතිවරයා විසින් ධුරයෙන් පහකැරුනු අග විනිසුරු වරිය විසින් අභියෝගයට ලක් කොට තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මොහාන් පීරිස් අග විනිසුරු වශයෙන් පත් කිරීමෙන් අනතුරුව අඟහරුවාදා ප්‍රකාශයක් කරන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක පවසා ඇත්තේ තමන් තවමත් ශ්‍රී ලංකාවේ අග විනිසුරු ධුරය හොබවන බවයි.

මොහාන් පීරිස් දිව්රුම් දෙයි

'නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මුලික නිදහස පවතින ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හඳුන්වන මාගේ රටේ තවමත් නිසි ලෙස පත් කරන ලද නීත්‍යනුකූල අග්‍රවිනිශ්චයකාරවරිය මම වෙමි,' යනුවෙන් ඇය සිය නිවේදනයේ සඳහන් කොට ඇත.

තමන් වරදකාරිය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තීරණය 'නීතියට පිටින් ගිය, ශුන්‍ය හා බලරහිත එකක්,' ලෙස හඳුන්වන ආචාර්ය බණ්ඩාරනායක පවසන්නේ 'ඊට නීතිය ඉදිරියේ කිසිදු වලංගු භාවයක් නැති,' බවයි.

නිල නිවසෙහි හෝ නිල මැදිරියෙහි තමා තව දුරටත් රැඳී සිටියහොත් 'ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවීමට බෙහෙවින් ඉඩ ඇති,' බවට අනතුරු අඟවන ආචාර්ය බණ්ඩාරනායක, එහෙයින් නිල නිවසෙන් හා නිල මැදිරියෙන් ඉවත් වීමට තීරණය කළ බවත් වැඩි දුරටත් පවසන්නීය.

සිය නිවේදනය ඇය අත්සන් තබා ඇත්තේ 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතලිස් තුන්වන අග්‍රවිනිශ්චයකාරවරිය' ලෙසින්.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.