නව අගවිනිසුරු නීතිවේදී සුබ පැතුම් මැද වැඩ අරඹයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 16 බදාදා - 17:00 GMT
Mohan Pieris Swearing

නව අගවිනිසුරු මොහාන් පීරීස් නීතිවේදීන් ගේ සුබ පැතුම් මැද තම රාජකාරි වැඩ කටයුතු ආරම්භ කොට තිබේ.

නිළ මැදිරියට විටින් විට පැමිනි නීතිවේදීන් නව අගවිනිසුරු මොහාන් පීරීස් හට සුබ පතන ආකාරය දැක ගන්නට ලැබින.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක හට එරෙහිව දෝෂාභියෝග විභාගය පැවති කාලය තුල කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ උසාවි වල වැඩ කටයුතු වලට බාධා පැමිණියත් නව අගවිනිසුරුවරයා වැඩ ආරම්භ කිරීමත් සමග බාධාවකින් තොරව අධිකරණ කටයුතු කරගෙන යාමට හැකිවී තිබේ.

මොහාන් පීරීස් අගවිනිසුරු ලෙස පත් කිරීම බල රහිත කරන්නැයි විකල්ප ප්‍ර‍තිපත්ති කේන්ද්‍රය අඟහරුවාදා ගොනු කළ පෙත්සම බදාදාත් සලකා බැලුනේ නැත.

මෙම පෙත්සම සලකා බලන දිනය මෙතෙක් තමන්ට දන්වා නැතැයි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී විරාන් කොරයා සංදේශයට පැවසීය.

නව අගවිනිසුරුවරයාගේ පත්වීමේ ව්‍යවස්ථා විරෝධී ස්වරූපය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පුළුල් ජනතා වැඩ පිළිවෙලක් ගොඩ නගන බව නීතීඥ එකමුතුවේ ලාල් විජේනායක නීතිවේදියා සංදේශයට කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.