අධිකරණයෙන් යුක්තිය ඉටුවේදැයි ගැටළුවක් - සන්ධ්‍යා එක්නැළිගොඩ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 19 සෙනසුරාදා - 17:46 GMT

අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් පත් කිරීම නිසා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලට සාධාරණයක් ඉටු වේදැයි බරපතල සැකයක් මතු වී ඇතැයි සන්ධ්‍යා එක්නැළිගොඩ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියාය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ විදේශයක සිටින බව එක්සත් ජාතීන්ගේ කමිටුවක් හමුවේ වරක් ප්‍රකාශ කළ හිටපු නීතිපති වරයා හෝමාගම මහේස්ත්‍රාත් වරයා හමුවේදී කියා සිටියේ ප්‍රගීත් එක්නැළිගොඩ සිටින තැන දන්නේ දෙවියන් වහන්සේ පමණක් යයි ද සන්ධ්‍යා එක්නැළිගොඩ සිහිපත් කළාය .

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් නඩු දෙකක් ගොනු කර ඇති අවස්ථාවක පරස්පර අදහස් දරණ මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත්කිරීම නිසා තමන්ට යුක්තිය ඉටු වේයැයි සිතීමට අපහසු බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

තවත් දෝෂාභියෝගයක්

මොහාන් පීරිස්ට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්‍ය තරම් හේතු ඇති බව පවසන ලක්මව දියණියෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිවේදී නිමල්කා ප්‍රනාන්දු මොහාන් පීරිස්ගේ පත්වීමට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

මාධ්‍ය හමුව ඇමතු සත්‍යවේල් පියතුමා කියා සිටියේ මේ දේශපාලනික පත්වීමත් සමග අධිකරණයෙන් යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් සංදේශයට අදහස් දැක්වූ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක පවසන්නේ ජනාධිපතිවරයා මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත් කරන ලද්දේ ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් කිසිඳු නීතිමය ගැටළුවක් නැතැයි යන විශ්වාසය මත පදනම්ව බවයි .

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.