දෝෂාභියෝගයට එරෙහි පෙත්සම නව අගවිනිසුරු වෙත

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 21 සඳුදා - 13:03 GMT
New CJ Mohan Peiris

සෙලාන් බැංකුවේ හිටපු සභාපතිවරයාගේ අපක්ෂපාතීභාවය සහ ස්වාධීනත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ප්‍රශ්න කරනු ලැබ තිබිණ

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කිරීමේ දෝෂාභියෝග ක්‍රියාදාමයට එරෙහිව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් කිහිපයක් පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය තීන්දු කිරීම පිණිස නව විනිසුරුවරයාට යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නීතිමය බලයක් නොමැති බවට තර්ක කරමින් ඉදිරිපත් කොට තිබුණු පෙත්සම් හතරක් නිමල් ගාමිණී අමරතුංග ප්‍රමුඛ ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට කැඳවා තිබිණ.

එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ නීතිපතිවරයා අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බැවින් පෙත්සම් අගවිනිසුරු මොහාන් පීරිස් වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටියේය.

එහෙත් නව අගවිනිසුරුවරයා ගේ පත්වීම නීත්‍යානුකූලව සිදුවී නොමැති බව පැවසූ පෙත්සම්කරුවන්ගේ නීතිවේදීහු පෙත්සම් නව අගවිනිසුරු වෙත යොමු කිරීමට විරෝධය පළ කළහ.

දෙපාර්ශවයේ අදහස් දැක්වීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අධිකරණය එම පෙත්සම් අගවිනිසුරු මොහාන් පීරිස් වෙත යොමු කළේය.

මොහාන් පීරිස් ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කොට තිබෙන අතර, කලක් මුළුල්ලේ ආණ්ඩුව ආරක්ෂා කරමින් ක්‍රියා කළ සෙලාන් බැංකුවේ හිටපු සභාපතිවරයාගේ අපක්ෂපාතීභාවය සහ ස්වාධීනත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ප්‍රශ්න කරනු ලැබ තිබිණ.

මේ අතර දෝෂාභියෝග ක්‍රියාදාමයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුනු ජේ සී වැලිඅමුණ, එම් ඒ සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න සහ රොමේෂ් ද සිල්වා නීතිවේදීන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි එවීමට විරෝධය පළ කිරීමේ අත්සන් ව්‍යාපාරයක් උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපස දී දියත් කෙරින.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.