මුස්ලිම් ප්‍රජාවට නැගෙන විරෝධය විමසීමට පාර්ලිමේන්තු කමිටුවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 24 බ්‍රහස්පතින්දා - 18:03 GMT

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන රජයේ මැති ඇමතිවරුන් පිරිසක් මුස්ලිම් ජනතාවට එරෙහිව ගෙන යන ප්‍රචාරණ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුවත් කළ බව නියෝජ්‍ය අමාත්‍ය එම්. එල් .ඒ .එම් හිස්බුල්ලා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවට රත්නසිරි වික්‍රමනායක ,ඩීව් ගුනසේකර .නිමල් සිරිපාල ද සිල්වා , ඒ .එච්. එම්. ෆවූසි ,රිශාර්ඩ් බදුර්දීන් සහ ඒ .එල් .එම්. අතාවුල්ලා සහ රවූෆ් හකීම් යන ඇමතිවරු සහභාගි වූහ.

පසුගිය මාස කීපය තුල බොදු බල සේනා නම් සංවිධානය මගින් මුස්ලිම් වෙළෙද ව්‍යාපාර ,හලාල් පිළිවෙත්, සහ ෂාරියා නීතියට එරෙහිව ගෙන යන ලද විරෝධතා ගැන එහිදී සාකච්ඡා කල බව නියෝජ්‍ය අමාත්‍ය එම්. එල් .ඒ .එම් හිස්බුල්ලා කියා සිටියේය.

බොදු බල සේනා නම් සංවීධානය මෙහයවන භික්ෂුන් වහන්සේ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයන් අතරේ සාකච්ඡා කොට ගැටළු විසඳා ගැනීමට වැඩපිළිවෙක් ගොඩ නැගීමටත් උද්ගතවී ඇති අර්බුද සමනය කර ගැනීමට සර්ව පාක්ෂික පාර්ලිමෙන්තු කමිටුවක් පත් කිරීමටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟ වූ බව නියෝජ්‍ය අමාත්‍ය එම්. එල් .ඒ .එම් හිස්බුල්ලා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.