අලුත් ඇමතිවරු හත් දෙනෙක් පත්වෙති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 28 සඳුදා - 11:17 GMT
Mahinda Rajapaksa

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නව කැබිනට් ඇමතිවරුන් පස් දෙනකු සහ ව්‍යාපෘති ඇමතිවරුන් දෙදෙනකු පත් කොට තිබේ

කැබිනට් මණ්ඩලයේ සුළු සංශෝධනයක් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අලුත් කැබිනට් ඇමතිවරුන් පස් දෙනකු සහ ව්‍යාපෘති ඇමතිවරුන් දෙදෙනකු පත් කොට තිබේ.

මේ අනුව කලින් නියෝජ්‍ය අමාත්‍ය පදවි දැරූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජයරත්න හේරත්, දුමින්ද දිසානායක, ගාමිණී විජිත් විජයමුණි සොයිසා සහ බෂීර් සේගුදාවුද් කැබිනට් අමාත්‍ය පදවිවල දිවුරුම් දුන්හ.

වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍යවරුන් ලෙස රෝහිත අබේගුණවර්ධන සහ නිර්මල කොතලාවල පත්වීම් ලබා තිබේ.

ඒ හැරුණුවිට සුසිල් ප්‍රේම්ජයන්ත්, චම්පික රණවක, පවිත්‍රා වන්නි ආරච්චි, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරුන්ගේ විෂයයන්හි වෙනසක් සිදු කොට තිබේ.

සුසන්ත පුංචිනිළමේ, ෆයිසර් මුස්තාපා, එම් එල් ඒ එම් හිස්බුල්ලා, ඒ ආර් එම් අබ්දුල් කාදර් සහ සරත් කුමාර ගුණරත්න නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ද විෂයයන්හි වෙනසක් සිදු කොට තිබෙන අතර පසුගියදා අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වූ එස් එම් චන්ද්‍රසේන, යලිත් වරක් නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙසින් පත්වීම් ලබා සිටී.

අද දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය සහ අදාළ විෂයයන් මෙසේය:

01.පරිසර, පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය -සුසිල් ප්‍රේමජයන්ත්

02.තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය- පාඨලී චම්පික රණවක

03.විදුලිබල හා බලශක්ති අමාත්‍ය - පවිත්‍රා වන්නිආරච්චි

04.ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය - අනුර ප්‍රියදර්ශන යාපා

05.සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය - ලක්ෂ්මන් සෙනෙවිරත්න

06.ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය - ලක්ෂ්මන් යාපා අබේවර්ධන

07.උද්භීත උද්‍යාන හා පොදු විනෝද කටයුතු අමාත්‍ය - ජයරත්න හේරත්

08.අධ්‍යාපන සේවා අමාත්‍ය - දුමින්ද දිසානායක

09.වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය - ගාමිණී විජිත් විජයමුණි සොයිසා

10. ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය - බෂීර් සේගුදාවුද්

නියෝජ්‍ය අමාත්‍යවරුන්

01.ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය- එස්.එම්.චන්ද්‍රසේන

02.ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය- සුසන්ත පුංචිනිළමේ

03.ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය- ෆයිසල් මුස්තාපා

04.ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමත්‍ය- ඒම්.එල්.ඒ. එම් හිස්බුල්ලා

05.පරිසර, පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය -ඒ.ආර්.එම් අබ්දුල් කාදර්

06. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන - අමාත්‍ය සරත් කුමාර ගුණරත්න

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.