විශ්ව විද්‍යාල ප්‍රවේශ වයස අඩු කරනවා - අමාත්‍ය එස් බී

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 30 බදාදා - 17:08 GMT
School children in Sri Lanka

වයස අවුරුදු හතරේදී දරුවන් පාසලට ඇතුලත් කරන්නේ ද යන්න පිළිබඳව ද විමසා බලන බව අමාත්‍යවරයා පවසයි

ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමේ වයස අවුරුදු 16-17 දක්වා අඩු කිරීමේ යෝජනාවක් කෙරෙහි අවධානය පළ වී තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ පසුගියදා පැවති නේවාසික වැඩ මුළුවකදී එම අදහස මුලින්ම මතු වූ බව පවසන එස් බී දිසානායක අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් දැන් අධ්‍යාපන විශේෂඥයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද සඳහන් කළේය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස වයස අවුරුදු හතරේදී දරුවන් පාසලට ඇතුලත් කරන්නේ ද නොඑසේ නම් විශ්ව විද්‍යාල ප්‍රවේශයට පෙර ඉහල පන්තිවලින් එක් පන්තියක් ඉවත් කරන්නේ ද යන්න පිළිබඳව විමසා බලා තීරණයක් ගැනීම අධ්‍යාපන විශේෂඥයන්ට භාර දී තිබෙන බව ද ඇමතිවරයා පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.