දෙමළ ජාතිකයන්ට වධදීම ගැන 'සාක්ෂි නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 1 සිකුරාදා - 12:55 GMT
Deportation of Sri Lankans from UK (file photo)

යලි සියරට යැවෙන දෙමළ ජාතිකයන්ට ශ්‍රී ලංකාවේදී වධ බන්ධන පැනවෙන බවට සාක්ෂි නොමැති බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති

දේශපාලන රැකවරණ පතා සිටි ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් යලි සියරට පිටත් කිරීම මගින් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලන බවට එල්ල වන චෝදනා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

මානව හිමිකම් සංවිධාන පවසන ආකාරයට එසේ යලි සියරට යැවෙන දෙමළ ජාතිකයන්ට ශ්‍රී ලංකාවේදී වධ බන්ධන පැනවෙන බවට සාක්ෂි නොමැති බවයි, විදේශ කටයුතු පිලිබඳ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටර් බර්ට් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුර කොළඹදී අගනුවරදීයි, බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා ඒ අදහස් පළ කළේ.

එල්ටීටීඊය පරාජය කොට වසර හතරක් ගතවී තිබුනත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව තවමත් දැඩි අවධානය පලවෙමින් තිබෙන අතර, විශේෂයෙන්ම සියරට යැවෙන දෙමළ ජාතිකයන්ට වධ බන්ධන පමුණුවන බවට සාක්ෂි ඇති බව ෆ්‍රීඩම් ෆ්‍රොම් ටෝචර් සහ හියුමන් රයිට්ස් වොච් සංවිධාන චෝදනා කරති.

එහෙත් බීබීසීය සමඟ අදහස් දැක්වූ අමාත්‍ය බර්ට් පවසන්නේ එවැනි හැම චෝදනාවක් පිළිබඳවම පරීක්ෂණ පවත්වා අවශ්‍ය නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දීමට පවා බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කළ බවයි.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය, තමන් ඉතා සුපරීක්ෂාකාරීව රැස් කළ සාක්ෂි පිළිගැනීමට මැලිවන්නේ මන්දැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව පැහැදිලි කොට නැති බව පවසයි.

යලි සියරට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට වධ බන්ධන පණවන බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.