ගිලෙමින් තිබුණු බෝට්ටුවක සිටි විදේශිකයෝ බේරා ගැනෙති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 3 ඉරිදා - 14:39 GMT
Burmese, Bangladeshi migrants rescued off Sri Lanka

බංග්ලාදේශ සහ බුරුම ජාතිකයන් 138 දෙනකුගේ දිවි බේරාගත් බව නාවුක හමුදා බලධාරීහු පවසති

අම්පාරේ ඔලුවිල් වරායට ඔබ්බෙන් ගිලෙමින් තිබුණු බෝට්ටුවක සිටි සියයකට අධික විදේශකයන් පිරිසක් බේරාගත් බව ශ්‍රී ලංකා නාවුක හමුදාව පවසයි.

බංග්ලාදේශ සහ බුරුම ජාතිකයන් 138 දෙනකුගේ දිවි බේරාගත් බවයි, නාවුක හමුදා බලධාරීන් පවසන්නේ.

එක් පුද්ගලයෙකු බෝට්ටුවේ මියගොස් සිටි බවත්, විජලනයෙන් පෙළෙමින් සිටි තවත් කිහිප දෙනකුට තවමත් ප්‍රතිකාර කරමින් සිටින බවත් බලධාරීහු ප්‍රකාශ කරති.

දින දහයක් මුළුල්ලේ මේ පිරිස බෝට්ටුවේ ගත කොට තිබෙන බව පැවසූ නාවුක හමුදා ප්‍රකාශකයෙක්, මේ පිරිස සිය චාරිකාව ආරම්භ කළේ කුමන ප්‍රදේශයකින්ද යන්න හෝ ඔවුන්ගේ ගමනාන්තය කවරක්ද යන්න පිළිබඳව තොරතුරු දැනගන්නට නැති බවත් සඳහන් කළේය.

රෝහලේ සිට බීබීසී බෙංගාලි භාෂා සේවයට කථා කළ දිවි බේරාගත් බංග්ලාදේශ ජාතිකයෙක් කියා සිටියේ මැලේසියාව බලා යාත්‍රා කිරීමේ අදහසින් තම කණ්ඩායම ටෙක්නවු වරායෙන් බෝට්ටුවට නැඟුණු බවයි.

නෞකා තුනක් යොදාගනිමින් බේරා ගැනීමේ මෙහෙයුම දියත් කළ ශ්‍රී ලංකා නාවුක හමුදාවට ඒ සඳහා පැය විස්සක කාලයක් ගත වී තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.