ගර්භාෂ අනවශ්‍ය ලෙස ඉවත් කිරීමේ ජාවාරමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 6 බදාදා - 17:12 GMT
womb transplant

ඉන්දියාවේ ප්‍රතිපත්ති විරහිත වෛද්‍යවරුන් මුදල් ඉපැයීමේ අටියෙන් කාන්තාවන් දහස් ගණනකගේ ගර්භාෂ අනවශ්‍ය ලෙස ඉවත් කර ඇති බව ඉන්දීය ක්‍රියාධරයෝ පවසති.


ගර්භාෂය ඉවත් නොකළහොත් පිළිකා වැළඳිය හැකි බව පෞද්ගලික සායනයන්හි වෛද්‍යවරුන් තමන්ට අනතුරු ඇඟවූ බවයි එසේ සැත්කම් වලට භාජනය වූ කාන්තාවන් කිහිප දෙනෙකුම බීබීසියට කියා සිටියේ.
ග්‍රාමීය පෙදෙස්වල රජයේ රෝහල් හිඟ වීම නිසා ළඟම ඇති පෞද්ගලික සායනයේ පිහිට පැතීමට බොහෝ ඉන්දීය කාන්තාවන්ට සිදුවී ඇති අතර එම ආයතන මුදල් ඉපැයීමේ පරමාර්ථය මත පමණක් පවත්වාගෙන යන බව සෞඛ්‍ය ක්‍රියාධාරිනී ආරාධ්‍යා මේහ්ත්තා ප්‍රකාශ කළාය.


ඉහත කී බොහෝ සායන බලපත්‍ර රහිතව කිසිදු පාලනයකින් තොරව පවත්වාගෙන යන බවයි ඇය තවදුරටත් කියා සිටියේ.


රාජ්‍ය සෞඛ්‍ය සේවාවන් බිඳවැටීම නිසා ඇතිවූ හිඩැස පිරවීමට පෞද්ගලික සායන ව්‍යාප්ත වූ අතර ඉන් අමතර වාසි ලබා ගැනීමට සමහර වෛද්‍යවරුන් උත්සාහ කරන බව ඉන්දීය ග්‍රාම සංවර්ධන ඇමති ජායිරාම් රාමේෂ් ප්‍රකාශ කොට සිටියේය.


අනවශ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ගවලින් ජනතාව බේරා ගැනීම සඳහා මීට වැඩි යමක් කළ යුතුව තිබු බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.