ග්‍රීක බැදුම්කර පෙත්සම විභාගය ඇරඹෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 7 බ්‍රහස්පතින්දා - 13:19 GMT

ග්‍රීක රජය මගින් නිකුත් කළ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුලින් ශ්‍රී ලංකාවට පාඩු සිදුකර ඇති බව චෝදනා කරමින් ශ්‍රී ලංකා මහබැංකුවට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමේ කටයුතුවලින් තමා ඉවත් නොවන බව අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් ගොනු කොට තිබූ අදාළ පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවා තිබිණ.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයා අධිකරණය හමුවේ කියා සිටියේ අගවිනිසුරු මොහාන් පීරිස් එම තනතුරට පත්වීමට පෙර ශ්‍රී ලංකා මහා බැංකුවේ නීති උපදේශක කටයුතුවලට සහභාවී ඇති නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

ඊට පිළිතුරුදෙමින් අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ තමා මෙම නඩු විභාගයට සහභාගිවීම තුලින් කිසිවෙකුටත් අසාධාරණයක් සිදු නොවන බවයි.

පෙත්සම්කාර එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී සුජීව සේනසිංහ පැවසුවේ ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණක් ග්‍රීක බැඳුම්කරවල යෙදවීම හේතුවෙන් රටට රුපියල් බිලියන දෙක හමාරක පමණ පාඩුවක් සිදුවී ඇති බවයි.

ග්‍රීකයේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන බව කවුරුත් දැන සිටි බවත් මේ නිසා ග්‍රීක බැදුම්කරවල මුදල් ආයෝජනය නොකරන ලෙස රජයට එක්සත් ජාතික පක්ෂය විසින් දිගින් දිගටම කියා සිටියත් ඊට ඇහුම්කන් නොදුන් බවත් සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පවසුවේය.

පෙත්සම සලකා බැලීම මාර්තු මස විසි පස් වෙනිදා දක්වා කල් දමනු ලැබීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.