ආගමික හේතූන් මත ඇතිවන ගැටළු පැමිණිලි කිරීමට පොලිස් මෙහෙයුම් මැදිරියක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 9 සෙනසුරාදා - 18:05 GMT

ආගමික හේතූන් මුල්කරගෙන ඇතිවන ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් හෙට සිට ආරම්භ වන බව පොලීසිය පවසයි.

දවසේ පැය 24 පුරාම එම මැදිරිය ක‍්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි පැවසුවේය.

මීට පෙර ඇතිවූ සිද්ධින් සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් විමර්ශන කටයුතු කර නැති බවට චෝදනා එල්ලවන බව සඳහන් කල විට ඔහු ප්‍රකාශ කළේ පැමිණිලි නොලැබීම ඊට ප්‍රධාන හේතුව බවයි.

මේ නිසා විශේෂ මෙහෙයුම් මැදිරිය විවෘත කිරීමට පියවර ගත් බව පැවසූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි , පැමිණිල්ල ලැබුණු වහාම භේදයකින් තොරව නීතියට අනුව පොලීසිය ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළේය.

අවිස්සාවේල්ලේ සුරුවමකට හානි පමුණුවා ඇතත් ඒ පිළිබඳව පැමිණිලි කළද පොලීසිය ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් ක්‍රියා මාර්ග ගෙන නැති බවට කාදිනල් මැල්කම් රන්ජිත් විසින් පොලිස්පතිවරයාට දන්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් විමසු විට පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි පැවසුවේ සිද්ධිය ගැන සොයා බැලීමට උපරිම ආකාරයෙන් පියවර ගෙන තිබෙන බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතත් මේ වනවිට මූලික විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.