විශ්වරූපම් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අනුමැතිය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 10 ඉරිදා - 14:42 GMT
A scene from Vishwaroopam

මුස්ලිම් ජනතාවට අපහාස වන අන්දමේ දර්ශන ඇතුලත් බව පවසමින් මුලින්ම ඉන්දියාවේ එයට විරෝධය පළ විය

ඉන්දීය සිනමා ශිල්පී කමල හසන් විසින් නිර්මාණය කරන ලද මතභේදයට තුඩු දුන් විශ්වරූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අනුමැතිය පළ කළ බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

චිත්‍රපටයේ දර්ශන තුනක් පමණක් ඉවත් කොට එය ප්‍රදර්ශනය සඳහා අනුමැතිය දීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය තීරණය කළ බවයි, සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි ට කියා සිටියේ.

මුස්ලිම් ජනතාවට අපහාස වන අන්දමේ දර්ශන ඇතුලත් බව පවසමින් මුලින්ම ඉන්දියාවේ එයට විරෝධය පළ වූ අතර, ජාතික සමගියට හානි වීමේ තර්ජනයක් ඇති බැවින් එය තාවකාලිකව තහනම් කරන බව ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ද නිවේදනය කළේය.

"ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මේ පිළබඳව බලල, මේ රටේ මුස්ලිම් සංවිධාන ගණනාවකට මේක පෙන්නුවා. ජනාධිපතිතුමාටත් මේ පිළිබඳව වාර්තා කරලා, සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ වෙනකොට අනුමත කරලා ඉවරයි," අමාත්‍යවරයා පැවසීය.

එසේ ප්‍රදර්ශන කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංවිධානවලින් විරෝධයක් මතු නොවූ බව ද අමාත්‍ය ටී බී ඒකනායක සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.