මානව හිමිකම් වාර්තාව විමසීමට අන්තර් ජාතික යාන්ත්‍රණයක් - නවී පිල්ලේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 13 බදාදා - 17:23 GMT
Navi Pillai

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ආරක්ෂක මණ්ඩල සැසියේ සැසිවාරයක් ඇමතු මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්

නවී පිල්ලේ කියා සිටියේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම්

කොට ඇති නමුත් ජාතීන් අතර සංහිඳියාව ගොඩ නැගීම පිණිස තවත් බොහෝ දේ කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව විමසීම සඳහා අන්තර් ජාතිකව පිළිගත හැකි යාන්ත්‍රණයක් තිබිය යුතු බව මහ කොමසාරිස්

නවී පිල්ලේ පෙන්වා දුන් අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය මෙන්ම සාක්ෂිකරුවන්ට රැකවරණය ලබා දෙන නීතිමය ප්‍රතිපාදන සම්පාදනය කිරීමේ අවශ්‍යතාවයත් ඇය විසින් අවධාරණය කෙරින.

මෙම වාර්තාව පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කියා සිටින්නේ ජාතීන් අතර සංහිඳියාව ගොඩ නැගීම පිණිස තමන් ප්‍රමාණවත් ලෙස පියවර ගෙන ඇති බවයි.

සාමාන්‍ය වැසියන් අතුරුදහන් කිරීම පිළිබඳව නැගී ඇති චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිගටම විමර්ශනය කරගෙන යන බවත් ආණ්ඩුව පවසයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.